Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉතිහාසයේ වී මිලදීගැනීමක් වෙනුවෙන් වැඩිම මුදල මිලියන 23,000ක් මෙම වසරේ වෙන් කරයි

ඉතිහාසයේ වී මිලදීගැනීමක් වෙනුවෙන් වැඩිම මුදල මිලියන 23,000ක් රජය මෙම වසරේ වෙන් කරයි

ඉතිහාසයේ වී මිලදීගැනීමක් වෙනුවෙන් වැඩිම මුදල මිලියන 23,000ක් රජය මෙම වසරේ වෙන් කරයි

2021 වසර සඳහා වී මිල දී ගැනීමට රජය විසින් මිලියන විසිතුන්දහසක් වියදම් කර ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා (22) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

වී අලෙවි මණ්ඩලයට මිලියන 16000කුත් දිසාපතිවරුන්ට මිලියන 2000කුත් සමුපකාරවලට මිලියන 5000කුත් ලෙස මෙම මුදල වෙන් කර ඇති බවත් මේ සඳහා ගබඩා 323ක් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ විසිපන්දාහක ප්‍රමාණයක් ගබඩා කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල යුද හමුදාව මැදිහත් කරගනිමින් සිදුකර අවසන් බවත් පැවසූ අමාත්‍යවරයා වී සංචිත ලබා ගැනීමේ මූලික අරමුණ ගොවියාත් පාරිභෝගිකයාත් සහල් මාෆියාවෙන් ගලවාගැනීම බව පැවසීය.

ඉතිහාසයේ වී මිලදීගැනීමක් වෙනුවෙන් වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ මෙම වසරේ බවත් මීට පෙර රජය වී මිලදී ගැනීමට කරන ලද වියදම් සමඟ සැසඳීමේදී එය විශාල අගයක් බවත් හෙතෙම පැවසුවේය. ඒ අනුව 2016 වර්ෂය සඳහා මිලදී ගැනීමට ආණ්ඩුව විසින් මිලියන 6600ක්ද 2018 වසර සඳහා මිලියන 280ක්ද 2019 වර්ෂය සඳහා මිලියන 2028ක්ද 2020 වර්ෂය සඳහා මිලියන 1524ක්ද පමණක් වැය කර තිබූ අතර, 2017 වර්ෂයේදී වී මිලදී ගැනීම සඳහා කිසිදු මුදලක් වැය කර නොමැත.

Exit mobile version