Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තෙල් ටැංකි පවරාගන්නවා කියා මං කිව්වේ නැහැ, මාධ්‍ය බොරු කරන්නේ – ගම්මන්පිල

නොරොච්චෝලේ අනිවාර්ය නඩත්තුවක් හේතුවෙන් මාස දෙකකට වසා දැමීමට තීරණයක්

නොරොච්චෝලේ අනිවාර්ය නඩත්තුවක් හේතුවෙන් මාස දෙකකට වසා දැමීමට තීරණයක්

ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය යළි මෙරටට පවරා ගන්නා බවට තමන් ප්‍රකාශ කළේ නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි.

එහෙත් ඔහු පසුගිය 17 වනදා ප්‍රකාශ කර සිටියේ ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය යළි මෙරටට ලබාදීමට ඉන්දියාව එකඟතාවය පල කළ බවය.

එයට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව සඳහන් කර තිබුනේ එවැනි එකඟතාවයකට ඉන්දියාව පැමිණ නැති බවය.

මේ වනවිට උදය ගම්මපිල අමාත්‍යවරයා සඳහන් කරන්නේ, එම තෙල් ටැංකි පවරා ගන්නා බවට තමන් කිසිසේත් නොකී බවත් එය මාධ්‍යවලින් කරන ලද වැරදි අර්තකතනයක් බවත්ය. එමෙන්ම තමන් එහිදී කියා සිටියේ ලංකා ඉන්දියන් තෙල් සමාගම සමග ලංකාවේ තෙල් සංස්ථාව හවුල්කාරිත්වයක් සහිත සමාගමක් පිහිටුවා එම තෙල් ටැංකි සංවර්ධනය කිරීමක් ගැන බව යැයිද අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි.

-MAWBIMA|LT-

Exit mobile version