Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියාවේ මතය සහ අග්‍රාමාත්‍යගේ මතය

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 14ක බදු ගිවිසුම තවත් වසර 50කට අලුත් කෙරේ

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 14ක බදු ගිවිසුම තවත් වසර 50කට අලුත් කෙරේ

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් 2003 වසරේදී ඇති කර ගත් ගිවිසුම තවදුරටත් ක්‍රියාත්මක වන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවත්පත මේ බව වාර්තා කර ඇත්තේ, ඉන්දියාව සතු තෙල් ටැංකිවල අයිතිය යළිත් ශ්‍රී ලංකාවට හිමි වන බවට අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුවය.

‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇති පරිදි වසර 35ක් ගත වන තුරු එම ගිවිසුම ක්‍රියාත්මක වන බව ඉන්දියාව පවසා තිබේ.

2003 වසරේදී ශ්‍රී ලංකාව සතු තෙල් ටැංකි 99ක් IOC සමාගමට බදු පදනම මත ලබා දී ඇති බවත්, වසරකට ඇමෙරිකානු ඩොලර් 100,000 බැගින් වසර 35ක් සඳහා එම බදු ගිවිසුම ක්‍රියාත්මක වන බවත් හින්දු පුවත්පත වාර්තා කර ඇත.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම එම ටැංකිවලින් 15ක් භාවිත කරන අතර සෙසු ටැංකි අලුත්වැඩියා කර සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබිණි.

එම සෙසු ටැංකි 84 ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට 2017 වසරේ පැවති රජය සැලසුම් කළ ද වෘත්තීය සමිති විරෝධතා හේතුවෙන් එම උත්සහය නතර විය.

එම තෙල් ටැංකි සියල්ල යළිත් රජය සතු වන බවට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළ ද, මෙම ව්‍යාපෘතිය දෙරටට ම ප්‍රතිලාභ අත් වන පරිදි සිදු කරන බවට කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් මගින් ප්‍රකාශ කළේය.

තෙල් ටැංකි සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මතය

(19) දින පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයට ගොස් පිටව යන අවස්ථාවේදී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමට අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දුන්නේ “පිස්සු” යනුවෙනි.

Exit mobile version