Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මේ වසර අවසන් වන තුරු සෞඛ්‍ය අංශ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් කළ ඉල්ලීම

කොළඹට තර්ජනයක් වන තවත් අනතුරක් - අනතුරු ඇඟවීමක්

කොළඹට තර්ජනයක් වන තවත් අනතුරක් - අනතුරු ඇඟවීමක්

අනවශ්‍ය ගමන් බිමන් සහ එක් රාශීවීම් සීමා කරන ලෙස සෞඛ්‍ය අංශ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලිමක් කර තිබේ.

අප කළ විමසීමකදී කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා සඳහන් කළේ, කොරෝනාවෛරසයේ නව ප්‍රභේදය හඳුනා ගැනීමත් එය පැතිර යාමේ අවදානමත් හේතුවෙන් රජය මහජනතාවගෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති බවය.

ඒ අනුව, මේ වසර අවසානය වන තෙක් උත්සව, අවමංගල්‍ය උත්සව, මංගල උත්සව, සාද, රාත්‍රී සමාජ ශාලාවලට එක්රැස් වීම හැකිතාක් සීමා කරන ලෙසය. කෙසේ වෙතත්, මෙය ඉල්ලීමක් පමණක් බවත් එසේ නොකරන පුද්ගලයින්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු නොකරන බවත් රුවන් විජයමුනි මහතා සඳහන් කළේ ය.

එමෙන්ම, සෞඛ්‍ය අංශ හඳුන්වා දී ඇති මුඛ ආවරණ පැළඳීම සහ සමාජ දූරස්ථකරණය ආදී මාර්ගෝපදේශ ඉදිරියටත් අනුගමනය කර ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. තවද ඒ මහතා සඳහන් කළේ, මේ වසර අවසාන වන විට මෙරට ජනගහනයෙන් භාගයකටවත් එන්නත ලබා දී අවසන් වනු ඇති බවට බලාපොරොත්තු වන බවය.

Exit mobile version