Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උතුරේ දූපත් තුනේ ව්‍යාපෘතිය තමන් සතු කරගනීමට ඉන්දියාව සහ චීනය අතර සීතල යුදයක්

උතුරේ දූපත් තුනේ ව්‍යාපෘතිය තමන් සතු කරගනීමට ඉන්දියාව සහ චීනය අතර සීතල යුදයක්

උතුරේ දූපත් තුනේ ව්‍යාපෘතිය තමන් සතු කරගනීමට ඉන්දියාව සහ චීනය අතර සීතල යුදයක්

විදුලිබල ව්‍යාපෘති සඳහා චීනය සම්බන්ධ වීම පිළිබඳව ඉන්දියාව විසින් මතු කරන ලද කනස්සල්ලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ උතුරේ දූපත් තුනක් විදුලි ව්‍යාපෘති සඳහා චීන සමාගමකට ප්‍රදානය කිරීම හුදු වාණිජ කටයුත්තක් බවත්, එය ජාත්‍යන්තරව පිළිගත් මිල ගණන් කැඳවීමේ ක්‍රමවේදයකට අනුකූලව සිදු කළ බවත් චීනය අනාවරණය කොට ඇත.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිල ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සදහන් කොට තිබේ.

යාපනයේ දූපත්වල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කිරීම සඳහා චීන සමාගමකට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේ කැබිනට් මණ්ඩලය යෝජනාව අනුමත කිරීමෙන් අනතුරුව ඉන්දියාව විසින් ඉන්දියාවේ ආරක්ෂාවට එය තර්ජනයක් විය හැකි බැවින් එම ක්‍රියාවලිය පිළිබඳව නැවත අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක කර තිබුණි.

මෙයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිලි කළේ අදාළ ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වූ සමාගම මුළුමනින්ම චීනයේ පෞද්ගලික ආයතනයක් බවයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය සදහා ආසියානු සංවර්ධන බැංකුව මගින් අරමුදල් සපයන බවට ද චීන තානාපති කාර්යාලය සනාථ කොට ඇත. ඔවුන් තව දුරටත් ප්‍රකාශ කර සිටින්නේ ස්වෛරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට මෙවැනි අත්‍යවශය ව්‍යපෘතියක් වෙනුවෙන් වඩාත් සුදුසු කොන්ත්‍රාත්කරු තෝරා ගැනීමේ අයිතියක් ඇති බවයි.

කෙසේ වෙතත් යාපන අර්ධද්වීපය ආශ්‍රිතව පවතින ඩෙල්ෆ්ට්, නයනතිව් හා අනලතිව් යන දූපත් තුනේ ඉදිකිරීමට යෝජිත සුළං විදුලි ව්‍යාපෘති තමන්ට ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 12ක් (රුපියල් කෝටි 228) ලබාදෙන බව ඉන්දියාව පවසයි. මෙම ඉල්ලීම ඉන්දීය රජය විසින් නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට යොමු කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ඩොලර් මිලියන 12ක සුලං බලාගාර ව්‍යාපෘතිය උතුරේ දූපත් තුනක ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පසුගියදා කැබිනට් මණ්ඩල‍ය විසින් චීන සමාගමකට පිරිනමන ලදී. ඉන්දියාව ආසන්නයේ පවතින මෙම දූපත් තුනේ විදුලි ව්‍යාපෘති ඉදි කිරීමට චීනයට ලබාදීම ඉන්දියාවේ ආරක්ෂාවට ගැටලුවක් බව ඉන්දීය ආණ්ඩුව ශ්‍රී ලංකාවට දැනුම් දී තිබුණි. මෙම ටෙන්ඩරය සඳහා ඉන්දීය සමාගම් ඉල්ලුම් කර තිබුණත් තාක්ෂණික දෝෂ නිසා එම සමාගම් ඉවත් කර ඇත. කෙසේ වෙතත් මෙම ගැටලුව මේ වනවිට රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් දක්වා දුරදිග යමින් තිබේ.

Exit mobile version