Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අම්පාර මුහුදේ රික්ටර් පරිමාණ ඒකක 4.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක්

https://srihanda.lk/?p=9620&preview=true

අම්පාර මුහුදේ රික්ටර් පරිමාණ ඒකක 4.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක්

අම්පාර, පානම මුහුදේ රික්ටර් පරිමාණ ඒකක 4.0 ක අගයකින් යුත් භූ කම්පනයක් සිදුව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ, (19) පෙරවරු 11.14ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති බවය. කුඹුක්කන් ඔය මෝය කට ආසන්නයේ සිට කිලෝමීටර් 15ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටි මුහුදේ මෙම භූමිකම්පාව සිදුව ඇත.

පූර්ව සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පවසන්නේ, මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් මෙහි අපිකේන්ද්‍රය පිහිටා ඇති බවය.
මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් නොමැති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

ඔහු පැවසුවේ, අම්පාර ප්‍රදේශයට යම් භූ චලනයක් දැනී ඇති අතර කිසිදු හානියක් වී නොමැති බවය.

Exit mobile version