Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආණ්ඩුව ඇතුළේ මත ගැටුම් ගැන තවත් කතා

"විමල් වීරවංශ මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව දැඩි තීන්දුවක් ගන්න, නොවුණහොත් ආණ්ඩුව අප්‍රසාදයට ලක්වීම වළක්විය නොහැකි" - පසුපෙළ මන්ත්‍රීවරුන් 43ක් අගමැතිට

"විමල් වීරවංශ මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව දැඩි තීන්දුවක් ගන්න, නොවුණහොත් ආණ්ඩුව අප්‍රසාදයට ලක්වීම වළක්විය නොහැකි" - පසුපෙළ මන්ත්‍රීවරුන් 43ක් අගමැතිට

මේ දිනවල ආණ්ඩුව ඇතුළේ මහත් ආන්දෝලනයකට මුහුණ දී සිටින කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මුණගැසී සාකච්ඡා පවත්වා තිබේ.

ඉකුත් බදාදා (10දා) දිනයේදී පැවැති මෙම හමුවට එම අමාත්‍යවරුන් සමඟ නායක හිමිවරුන් වන ඇල්ලේ ගුණවංශ හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මැදගොඩ අභයතිස්ස හිමි, බෙංගමුවේ නාලක හිමි ඇතුළු විශාල පිරිසක් එක්ව සිට ඇති බව දැනගන්නට ඇත.

එමෙන්ම අගමැතිවරයා සමඟ අදාළ සාකච්ඡාවට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් යන මහත්වරුන්ද එක්ව තිබේ.

මෙම සාකච්ඡාවේදී, ලබන 22 වැනි දින ජිනීවාහි ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන ගැටලු සහ ඊට ආණ්ඩුව මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වී ඇති බව දැනගන්නට තිබේ.

දිනේෂ් ගුණවර්ධන මහතා ඒ පිළිබඳ විශේෂ කරුණු දැක්වීමක් සිදුකොට ඇති අතර, මහනාහිමිවරුන්ද මානව හිමිකම් කොමිසමේදී ආණ්ඩුව ගතයුතු ස්ථාවරය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කොට ඇති බවත් දැනගන්නට ඇත.

මේ අතර කුරුණෑගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අදහස් දක්වමින් මෙසේ සඳහන් කර සිටියා.

‘කිසිම රාජපක්ෂ කෙනෙකුට ගහන්ඩ අපේ පෂෙ ඉඩ නෑ කියන එක මතක තියාගන්න ඕනා. අයියට පංගුවක් කැමතියි. මල්ලිට අකමැතියි. මල්ලිට කැමති අය අයියට අකමැති. මේ පවුලක් කඩන්න හදන්නේ. මේක මොන විහිලුවක් ද. ජාත්‍යන්තරයටත් ඕනෙත් ඒක. ප්‍රේමදාසට ඕනෙත් ඒක. දිසානායකට ඕනෙත් ඒක. සුමන්දිරන්ලටත් ඕනේ ඒක. කොටියට ඕනෙත් ඒක. මේක කරන්න ඉඩ දෙන්න බැහැ. ඒව නොදැන් දේශපාලනය කරන්නත් අපි හොද නැහැ…” යනුවෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේය.

“ කී දෙනෙක් හිරේ දැම්මා ද. විමල් වීරවංශව හිරේ දැම්මා . උදය ගම්මන්පිල ව හිරේ දැම්මා . ඒවා අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ . ඒ අයටත් මම කියනවා මේවා කවදාවත් අමතක කරන්න එපා කියලා . පරිස්සමින් අපි මේ ආණ්ඩුව කරගෙන යමු . ඕනාවට වැඩියෙන් දුවන්න ගිහිල්ලා විනාශ කර ගන්නේ නැතුව මේ ආණ්ඩුව. මතක තියාගන්න හතුර හතුරාමයි. කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. ඒවා අපි කවුරු කවුරුත් මතක තියා ගන්න ඕනා. හැමදේම මාධ්‍ය ඉදිරියේ කයිය ගහලා කිසිම කෙනෙක් අනාගතය විනාශ කර ගන්න හොඳ නැහැ. ඒක තමයි විය යුත්තේ. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒක මේ හැම කෙනෙක්ම මතකේ තියාගන්න ඕනා.’ යනුවෙන්ද ප්‍රනාන්දු මහතා කීය.

Exit mobile version