Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු වාර්තාවෙන් ඥානසාර හිමිටත් අපරාධ චෝදනා; බොදු බල සේනා සංවිධානය තහනම් කරන ලෙස ද නිර්දේශ?

පාස්කු ප‍්‍රහාරය වැනි අන්තවාදී ප‍්‍රහාර එල්ල කිරිමේ අනතුරක්- බොදුබලසේනා සංවිධානය ජනපති දැනුවත් කරයි

පාස්කු ප‍්‍රහාරය වැනි අන්තවාදී ප‍්‍රහාර එල්ල කිරිමේ අනතුරක්- බොදුබලසේනා සංවිධානය ජනපති දැනුවත් කරයි

2019 අපේ‍්‍රල් 21 වන දින පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසාන වාර්තාව මගින් බොදු බල සේනා සංවිධානයේ ප‍්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ටද අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

උන්වහන්සේට එරෙහි මෙම චෝදනා සඳහා වන නිර්දේශය 2014 දී අළුත්ගම සහ බේරුවල යන ප්‍රදේශවල වාර්ගික ආතතීන් අවුලුවාලීමේ කාර්යභාරයක් ඉටු කළ බවට එල්ල වූ චෝදනාවලට අදාළ බව දැනගන්නට ඇත.

අලූත්ගම, බේරුවල නගරවලට සහ මුස්ලිම්වරුන්ට එරෙහි මැර ප්‍රහාරය 2014 ජුනි 15 සිට 17 දක්වා කාලය තුළ සිදුවූ අතර එමගින් කළුතර දිස්ත්‍රික්කයේ ධර්ගා නගරයේ අවම වශයෙන් මරණ 4 ක්, තුවාල 80 ක් පමණ සහ දේපළ හානි සිදුවිය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බොදු බල සේනා සංවිධානයේ ප්‍රකාශකවරයකු සදහන් කොට ඇත්තේ මෙය ඉතා විහිලු සහගත චෝදනාවක් බවකි.

මේ පිළිබඳව the morning පුවත්පත ඥාණසාර හිමි ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ තවමත් එම වාර්තාවේ නිර්දේශ තමන් නොදන්නා බව පවසා ඇත. (12) දින සමහර පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ ඥානසාර හිමිට අපරාධ චෝදනා ගොනු කිරීමට අමතරව බොදු බල සේනා සංවිධානය තහනම් කරන ලෙස ද පාස්කු කොමිසමෙන් නිර්දේශ කර ඇති බවයි.

Exit mobile version