Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හමුදා නිලධාරියෙක් හෝටල් හිමියකුට පහර දීම : වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නවා – යුද හමුදාව

හමුදා නිලධාරියෙක් හෝටල් හිමියකුට පහර දීම : වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නවා – යුද හමුදාව

හමුදා නිලධාරියෙක් හෝටල් හිමියකුට පහර දීම : වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නවා – යුද හමුදාව

ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ හෝටලයකට පැමිණි හමුදා නිලධාරියකු විසින් එම හෝටල් හිමියාට පහර දී තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදාව පාර්ශ්වයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර, ඊට වගකිවයුතු නිලධාරීන්ට අදාළව ක්‍රියාමාර්ග ගන්නා බව යුද හමුදාව පවසයි.

යුද හමුදාවේ ජනමාධ්‍ය පිළිබඳ අධ්‍යක්ෂ වෙනුවට ජනමාධ්‍ය (අතිරේක) කර්නල් එච්.ටී.ඩබ්ලිව්.විද්‍යානන්ද විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක වැඩිදුරටත් සඳහන් වන්නේ යුද හමුදාව මෙවැනි සිදුවීම් අනුමත නොකරන බවයි. එම නිසා ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බවත්, දෙපාර්ශ්වයම සිද්ධියට මැදිහත් වී ඇති බව මූලික විමර්ශනවලදී පැහැදිලි වන බවත් කර්නල්වරයා වැඩිදුරටත් අදාළ නිවේදනය මගින් පැහැදිලි කරයි.

(11) රාත්‍රියේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට එක්කර තිබූ වීඩියෝවක සඳහන් වූයේ යුද හමුදාවට අයත් යුහ 49421 අංක දරන ජීප් රථයෙන් පැමිණි ලුතිනන් සිදත් ඉන්දික නම් හමුදා නිලධාරියකු විසින් හෝටල් හිමියකුට පහර දී, තර්ජනය කරන ආකාරයයි. මේ සම්බන්ධයෙන් අදාළ හෝටල් හිමියා විසින් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත. අදාළ වීඩියෝව මේ වන විට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කර තිබේ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා එම වීඩියෝව ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ප්‍රවෘත්ති වෙබ් අඩවි වාර්තා කර තිබිණි.

එවැනි මැදිහත්වීමක් සිදු කළේද යන්න සම්බන්ධයෙන් විමසීමට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධ කරගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඔහු සාකච්ඡාවක සිටින බවත්, මේ මොහොතේ දුරකතනයට ප්‍රතිචාර දැක්විය නොහැකි බවත් දුරකතනයට පිළිතුරු දුන් නිලධාරියා සඳහන් කළ නිසා ය.

මේ සම්බන්ධයෙන් විමසීමේදී යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සදහන් කළේ මාධ්‍යවල පළවන ආකාරයේ බලපෑමක් යුද හමුදාපතිවරයාගේ පාර්ශ්වයෙන් සිදුවී නැති බවයි.

– medialk

Exit mobile version