Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන එනවා,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බ්‍රිතාන්‍ය නිවේදනය කරයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන එනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බ්‍රිතාන්‍ය නිවේදනය කරයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන එනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බ්‍රිතාන්‍ය නිවේදනය කරයි

ශ්‍රී ලංකාව, දකුණු සුඩානය සහ සිරියාව සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත යෝජනාවන්ට පෙරමුණ ගෙන ක්‍රියා කිරීමට සූදානම් බව බ්‍රිතාන්‍ය නිවේදනය කර ඇත.

බ්‍රිතාන්‍ය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එම වාර්තාවෙහි තවදුරටත්,
බ්‍රිතාන්‍යය විසින් ඉදිරිපත් කරනු ලබන සැලසුම් තුන පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දීමට අවශ්‍යව ඇත.

මේ අනුව සිරියාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව යෝජනාවක් 46 වන සැසියේදී ඉදිරිපත් කිරීමට අදහස් කරයි.
සිරියානු විමර්ශන කොමිෂන් සභාවේ විධානය අළුත් කිරීම, ගැටුමේ දහවන වසර සැපිරීම සහ ප්‍රධාන මානව හිමිකම් අවශ්‍යතා පිළිබිඹු කිරීම මෙම යෝජනාවෙන් අපේක්ෂා කෙරේ.

මීට අමතරව කැනඩාව, ජර්මනිය, මොන්ට්‍රිනිගෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් රාජධානිය ඇතුළත් ශ්‍රී ලංකාව පිළිබඳව ප්‍රමුඛ කාණ්ඩයම, ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධන කිරීම පිළිබඳව තවත් වාර්තාවක් ඉදිරිපත් කරනු ඇත.

මෙම යෝජනාව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් මෑතකදී කරන ලද වාර්තාවේ ඇතුලත් කරුණු ඇතුලත් යෝජනාවක් වේ.

මේ අතර මෙම මස අවසානයේ ආරම්භ වීමට නියමිත මානව හිමිකම් කවුන්සිල රැස්වීම් මාලාවේදී කාන්තා අධ්‍යාපනය පිළිබඳව ඉහළ මට්ටමේ අතත්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද බ්‍රිතාන්‍ය පවසයි.

-තමිළ්වින්

Exit mobile version