Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමති මැදිහත්වීමෙන් කළු ගඟේ වැලි ගොඩදැමීම නැවතත් ඇරඹේ

ඇමති මැදිහත්වීමෙන් කළු ගඟේ වැලි ගොඩදැමීම නැවතත් ඇරඹේ

ඇමති මැදිහත්වීමෙන් කළු ගඟේ වැලි ගොඩදැමීම නැවතත් ඇරඹේ

කළු ගඟේ වැලිගොඩ දැමීමෙන් ගංගා පතුළ ගැඹුරු වීම නිසා, ගඟ දිගේ මුහුදු ජලය රට තුළට තුළුවන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යංශය සොයාගෙන තිබිණි. මෙම තත්වයේ නිසා පානීය ජලය සමග ලවණ මිශ්‍ර වීම, ගඟ ආශ්‍රිත ගොඩබිම ලවණ සාන්ද්‍රනය වැඩි වී ගොවි බිම් විනාශ වීම, මෝය ආශ්‍රිත මිරිදිය පරිසර පද්ධතිය විනාශ වීම න ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවේ.

මෝය ආශ්‍රිත මිරිදිය පද්ධතිය මිරිදිය මත්සයින්ගේ සහ සමහර මුහුදු මත්සයින්ගේ ප්‍රජනනයට වැදගත් පරිසර පද්ධතියක් වේ. මේ විනාශ වීමෙන් අනාගතයේ බරපතළ පරිසර වෙනස්කම් සිදුවිය හැක. දැනටමත් කළුතර ප්‍රදේශයේ පානීය ජලය බීමට නුසුදුසු තත්වයක් උදා වී ඇත.

මෙම තත්වයන් හමුවේ කළු ගඟේ මෝයේ සිට නාර්තුපාන දක්වා ඇති කිලෝමීටර් දාහතරක ප්‍රදේශය තුළ වැලි ගොඩ දැමීමේ අවසරපත්‍ර වර්ෂය ට දීර්ඝ නො කිරීමට පියවර ගෙන තිබුණි. නමුත් කළුතර ප්‍රදේශය නියෝජනය කරන වරාය සංවර්ධන ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ මැදිහත්වීම මත පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් පසු, නැවත වැලි ගොඩ දැමීමට අවසර ලබා දීමට පියවර ගෙන තිබේ.

ඒ සමගම තව මාස තුනකින් පසු කළු ගගේ ලවන තත්ත්වය නැවත පරීක්ෂාකර බැලීමට භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයට නියෝග ලබාදී තිබේ. නමුත් ලබන මැයි මස නිරිත දිග මෝසම් වැසි සක්‍රීය වීමෙන් පසු කළු ගඟ මෝය ආශ්‍රිත ලවන තත්ත්වය පරීක්ෂා කර විද්‍යාත්මක නිගමනයකට එළඹෙන්නට මෝසම් වැසි අවසන් වන තෙක් බලා සිටිය යුතුය.

Exit mobile version