Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ වරාය සේවකයින්ගේ සහායට ගාල්ල වරාය සේවකයෝ ද පාරට බසිති

කොළඹ වරාය සේවකයින්ගේ සහායට ගාල්ල වරාය සේවකයෝ ද පාරට බසිති

කොළඹ වරාය සේවකයින්ගේ සහායට ගාල්ල වරාය සේවකයෝ ද පාරට බසිති

කොළඹ වාරයේ නැගෙනහිර ජැටියේ 49%ක කොටසක් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට විරෝධය පළ කරමින් කොළඹ වරාය සේවකයින් ගෙන යන වෘත්තිය ක්‍රියාමාර්ගයට සහාය පළ කරමින් ගාල්ල වරායේ වෘත්තිය සමිති එකමුතුව (29) දහවල් උද්ඝෝෂණයක නිරත විය.

දහවල් කෑම පැයේදී වරායෙන් පිටතට පැමිණි එම සේවක පිරිස, කොළඹ – මාතර ප්‍රධාන මාර්ගයේ වරාය පිවිසුම් මාර්ගය අවහිර කරමින් විවිධ සටන් පාඨ කියමින් නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීමට විරෝධය පළ කළහ.

විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ, “රජය විසින් සිදු කිරීමට යන මෙම මහා ජාතික අපරාධයට විරෝධය පළ කිරීම සඳහා සෑම නිවසක ම කළු කොඩියක් ඔසවන ලෙසට” ය.

Exit mobile version