Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“කොවිඩ් සිරුරු අනිවාර්ය ආදාහනය නතර කරන්න” – ජගත් මානව හිමිකම් කවුන්සිලය

එක්සත් රාජධානියේ මානව හිමිකම් පිළිබඳව චීන යෝජනාවට ශ‍්‍රී ලංකාවද අත්සන් තබයි

එක්සත් රාජධානියේ මානව හිමිකම් පිළිබඳව චීන යෝජනාවට ශ‍්‍රී ලංකාවද අත්සන් තබයි

කොරෝනා වෛරසය ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කළ යුතු බවට ශ්‍රී ලංකාවේ ස්ථාවරය අත්හළ යුතු බව‍ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සිව් පුද්ගල කමිටුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජගත් මානව හිමිකම් විශේෂඥයන් කණ්ඩායමක් එහිදී ලක් රජය වෙත ප්‍රකාශ කරන්නේ එලෙස කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ දේහයන් නියත වශයෙන් ආදාහනය කරලීම මෙරට මුස්ලිම්වරුන් ඇතුළු අනෙකුත් සුළු ජාතීන්ගේ විශ්වාසයන්ට පටහැනි බවයි. එමඟින් මෙරට විවිධ ජාතීන් අතර පවත්නා පූර්ව විනිශ්චයන්, අසහනය සහ ප්‍රචණ්ඩත්වය ඉහළ යා හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

කොවිඩ් 19 ආසාදනයෙන් මියගිය බවට සැලකෙන පුද්ගලයින්ගේ මළ සිරුරු පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමේ එකම විකල්පය ලෙස ශ්‍රී ලංකා රජය සලකන්නේ එම සිරුරු ආදාහනය කිරීම බවත් එහෙත් එම සිරුරු මිහිදන් කිරීම කොරෝනා වෛරස් හෝ අනෙකුත් බෝවන රෝග ප්‍රචාරණයේ අවදානම ඉහළ නංවන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරු කර නොමැති බවත් එම නිවේදනයේ දැක්වේ.

මේ නිසා එම සිරුරු නියත වශයෙන් ආදාහනය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසෙ ජගත් සංවිධානය හඳුන්වන බවත් පෙන්වා දෙයි.

එබැවින්, එලෙස කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් සියල්ල ආදාහනය නතර කරන ලෙස ලක් රජයෙන් දැඩිව ඉල්ලා සිටින බව ජගත් මානව හිමිකම් විශේෂඥ කණ්ඩායම ප්‍රකාශ කරයි.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් මහජන සෞඛ්‍යයට එල්ල වී ඇති බරපතල තර්ජනය පිළිබඳ අවධානයෙන් පසුවන අතර, මියගිය පුද්ගලයින්ගේ මෙන්ම ඔවුන්ගේ සංස්කෘතික සහ ආගමික සම්ප්‍රදායන් හෝ විශ්වාසයන්වලට ගරු කිරීමට පියවර ගත යුතු බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version