Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන මමද පසුවන්නේ දැඩි කළකිරීමෙන් – ඩලස් අලහප්පෙරුම

ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන මමද පසුවන්නේ දැඩි කළකිරීමෙන් - ඩලස් අලහප්පෙරුම

ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන මමද පසුවන්නේ දැඩි කළකිරීමෙන් - ඩලස් අලහප්පෙරුම

සාමාන්‍ය ජනතාව පමණක් නොව ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන තමාද පසුවන්නේ දැඩි කළකිරීමෙන් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම දෙවුන්දර ආසනයේ පොදුජන පෙරමුණු කාන්තාසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් පවසා තිබේ.

විශාල ප්‍රශ්න ප්‍රමාණයකට ජනතාව මුහුණදෙමින් සිටින බැවින් ආණ්ඩුව විවේචනය කිරීමට ඔවුන්ට අයිතියක් ඇති බවත් එනිසා ආණ්ඩුව විවේචනය කරන්න එපා යැයි කීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

ජීවන වියදම ඉහළ ගොස් ජනතාව අමාරුවෙන් ජීවත් වන බව කාටක් රහසක් නොවන බවත් ආණ්ඩුවේ ඇමතිවරුන්ටද රෑට නින්ද නොයන තත්වයට පත්ව ඇති බවත් ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා සඳහන් කරයි.

Exit mobile version