Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වතු කම්කරුවන්ට රු. 1000 දෙන්න කැබිනට් අනුමැතිය

වතු සේවක වැටුප ඉහළට

වතු සේවක වැටුප ඉහළට

වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,000ක් දක්වා ඉහළ නැංවීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමට පසුගිය අයවැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනාව, ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවය.

වතු හාම්පුතුන් සහ වතු කම්කරුවන් අතර පවතින ගිවිසුම පිළිබඳ මේ වන විට යම් ගැටළු මතුව ඇති බවත්, ඒ සියලු ගැටළු කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කරන අතර ම වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1,000 දක්වා වැඩි කිරීමේ තීරණය කිසිවිටක වෙනස් නොකිරීමට රජය තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

වතු හාම්පුතුන්ගෙන් මේ සම්බන්ධයෙන් යම් ගැටළුවක් මතුවුවහොත් පරිපාලක මණ්ඩලය මගින් වතු කම්කරුවන්ට රුපියල් 1,000 දීමනාව ලබා දීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ය.

Exit mobile version