Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදේශීය ණය වාරික සහ පොලියවන කෝටි 6865ක මුදල ඩොලරයක අඩුවක් නැතිව ගෙවනවා – උදය ගම්මන්පිල

ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

විදේශ විනිමය සම්බන්ධයෙන් අභියෝගයක් පැවතිය ද, විදේශීය ණය වාරික සහ පොලිය වශයෙන් මේ වසරේ ගෙවීමට තිබෙන කෝටි 6865ක මුදල ඩොලරයක අඩුවක් නැතිව නිසි දිනට, නිසි පරිදි ගෙවීමට ආණ්ඩුව කටයුතු කරන බව බලශක්ති ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා (12) පැවසීය.

මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට සකස් කෙරෙමින් පවතින බවත් ඇමැතිවරයා ප්‍රකාශ කෙළේය.

මුදල් විෂය භාර ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා 2021 වසරේ රටේ ණය බර පිළිබඳ අැමැති මණ්ඩලය දැනුම්වත් කළ බවද කිවෙිය.

ඇමැති උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (12) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

එහිදී අදහස් දැක්වූ බලශක්ති ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා මෙසේද පැවසිය.

2021 වසරේ විදේශීය ණය වාරික සහ පොළිය වශයෙන් ගෙවීමට තිබෙන මුළු මුදල ඩොලර් මිලියන 6865ක්. එයින් ඩොලර් මිලියන 5351ක් ණය වාරික ආපසු ගෙවීම ලෙසත්, ඩොලර් මිලියන 1514ක් පොලිය ලෙසත් ගෙවීමට තිබෙනවා. ඒ හා සමාන මුදලක් එනම් ඩොලර් බිලියන 6.8ක් 2020 වසරේදීත් අපට ගෙවීමට තිබුණා. එක ඩොලරයක අඩුවක් නැතිව ඒ සමස්ත මුදල ම ගෙවීමට ආණ්ඩුවට හැකියාව ලැබුණා. ඒ නිසා විදේශ විනිමය පැත්තෙන් යම් අභියෝගයක් තිබුණත් මේ ඩොලර් මිලියන 6865 එක ඩොලරයක අඩුවක් නැතිව නිසි දිනට නිසි පරිදි ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙළ ආණ්ඩුව සකස් කරමින් තිබෙනවා.

මේ වසරේ රුපියල් බිලියන 2997ක් ණය වශයෙන් ලබා ගැනීමට විසර්ජන පනත යටතේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවෙන් බලය ලබා දී තිබෙනවා. මෙයින් රුපියල් බිලියන 1257ක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ දේශීය මූලාශ්‍රවලින්. විදේශීය මූලාශ්‍රවලින් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ රුපියල් බිලියන 606ක ප්‍රමාණයක් පමණයි. පසුගිය ආණ්ඩුව විදේශීය මූලාශ්‍රවලින් ණය ලබා ගැනීමට වැඩි බරක් තැබීමේ ප්‍රතිඵලයක් විදිහට විනිමනය අනුපාතය පිරිහීමට ලක්වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට විදේශ ණය බර රුපියල්වලින් දිනපතා දැවැන්ත ලෙස ඉහළ ගියා. උද්ධමනය දැවැන්ත ලෙස ඉහළ ගිහින් ජනතාවට ජීවන විදම දරා ගැනීමට බැරි මට්ටමට ආවා. ඒ නිසා අපේ ආණ්ඩුව වැඩි බරක් තියන්නේ දේශීය මූලාශ්‍රවලින් ණය ලබා ගැනීමටයි.

ඒ වගේම, මහාපරිමාණ ව්‍යාපෘති සඳහා විදේශීය ණය ලබා නොගැනීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. මහා පරිමාණ යටිතල පහසුකම් වැනි ව්‍යාපෘතිවලදී විදේශීය ණය ලබා ගැනීම වෙනුවට අපි බලාපොරොත්තු වෙන්නේ පෞද්ගලික අංශයත් ආණ්ඩුවත් අතර හවුල් ව්‍යාපාර ක්‍රමය (PPP) සහ පෞද්ගලික අංශය ඉදිකර අයිතිකාරත්වය තබාගෙන මෙහෙයුම පවත්වා ගෙන ගොස් අවසානයේදී ආණ්ඩුවට භාර දෙන (BOOT) ක්‍රමය භාවිතා කර දැවැන්ත ව්‍යාපෘති සඳහා මූල්‍ය ලබා ගන්නයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.

Exit mobile version