දළදා මාළිගාවට නොපැමිණෙන බව කියමින් මල්වතු අස්ගිරි මහා සංඝරත්නය මුලාකොට යුක්රේන සංචාරකයින් එකසිය අනූපස් දෙනකු දළදා මාළිගය වෙත පැමිණිම සම්බන්ධයෙන් තමන් දැඩි විරෝධතාවය දක්වන බව පූජ්‍ය ලේවැල්ලේ ධම්මාලංකාර හිමියෝ පවසති කොවිඞ් 19 වසංගතය පැතිරීම හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල දේශීය බැතිමතුන්ට දළදා සමිදුන් වැද පුදා ගැනීම තහනම් කර තිබෙන මෙවන් සමයක වසා දමා ඇති යුක්රේනයේ පිරිස් ඊයේ 11දා දළදා සමිදුන් දැක බලා ගැනීමට පැමිණීමට විරෝධය දක්වමින් උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ.
යුක්රේන සංචාරක කණ්ඩායම සංචාරක බස් රථ පහකට ආසන්න සංඛ්‍යාවකින් මහනුවර නගරයට පැමිණි අතර, ඔවුහු ප්‍රධාන වාහල්කඩ අසලින් මාළිගාවට ප්‍රවිශ්ඨ වූහ. මෙම අවස්ථාවේ සාමාන්‍ය ජනතාවද දළදා සමිදුන් වැද පුදා ගැනීමට පැමිණ සිටියහ. සංචාරකයින් දළදා මාළිගය වෙත ගොස් ආපසු එමින් සිටියදි, එම ස්ථානයට පැමිණි ලේවැල්ලේ ධම්මාලංකාර හිමියෝ ඊට දැඩි විරෝධය පල කරමින් අදහස් දැක්වූහ.