Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඇමති සරත් වීරසේකර මට තර්ජනය කළා – ඉන්දීය MDMK පක්ෂයේ ලේකම් වයිකෝ

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඇමති සරත් වීරසේකර මට තර්ජනය කළා - ඉන්දීය DMK පක්ෂයේ ලේකම් වයිකෝ

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඇමති සරත් වීරසේකර මට තර්ජනය කළා - ඉන්දීය DMK පක්ෂයේ ලේකම් වයිකෝ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතූ අවස්ථාවේ සිංහල කාන්තාවන් කිහිප දෙනෙකු සමග පැමිණ මට තර්ජනය කරපු කෙනෙක් තමයි ඇමති සරත් වීරසේකර යනුවෙන්, ඉන්දීය MDMK පක්ෂයේ ප්‍රධාන ලේකම් වයිකෝ ප්‍රකාශ කර ඇත.

මේ පිළීබඳව තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ,

ලංකාව අපේ සිංහල රට, අපි ඉන්දීය රජයේ ගැත්තෝ නොවෙයි, ඉන්දියාවට පිළීතුරු දෙන්න අවශ්‍ය නැහැ. පළාත් සභා වලට දැන් ඉඩක් නෑ. යනුවෙන් සරත් වීරසේකර පවසා ඇත. මෙය අපි තරයේ හෙළා දකිමූ.

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ තිබුණු ස්මාරකය බිඳ දැමීමට තීරණය කර එය බිඳ දැමූ විශ්ව විද්‍යාල පරිපාලනයද අපි තරයේ හෙළා දකින්නෙමු.

මුල්ලිවායික්කාල් ස්මාරකය කඩා බිමට සමතලා කිරීම හෙළා දකිමින් චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තමිළ් නාඩු දෙමළ වැසියන් ව්සින් වටලනු ලැබීම ගැන ලංකාව වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් තමන්ට ස්තූතිය ප්‍රකාශ කළ බවද මෙහිදී ඔහු සඳහන් කළේය.
-තමිළ්වින්

Exit mobile version