Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නාමල්ගේ ජංගම ජිම්වලට හරස්වන බැසිල්

නාමල්ගේ ජංගම ජිම්වලට හරස්වන බැසිල්

නාමල්ගේ ජංගම ජිම්වලට හරස්වන බැසිල්

ඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව පිහිටුවීමට සූදානම් කර ඇති ජංගම කායවර්ධන ව්‍යායාම් මධ්‍යස්ථාන 200 වැඩසටහනට ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සිය විරෝධය පළකර ඇති බව වාර්තා වේ.

කන්ටේනර් පෙට්ටි 200ක් තුළ මෙම ජංගම කායවර්ධන ව්‍යායාම් මධ්‍යස්ථාන පිහිටුවීමට සැලසුම් කර තිබෙන අතර එම ව්‍යාපෘතිය ඉටුකිරීමට නියමිතව ඇත්තේ ඩැරන් වීරසිංහ නම් ව්‍යාපාරිකයෙකු විසිනි. මේ එක් කායවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා රුපියල් මිලියනයක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර ඔහු මේ සඳහා මහජන බැංකුවෙන් ණයක් ලබාගැනීමට ද සූදානම්ව සිටී. එක් ඒකකයකින් ඔහුට ලැබෙන ලාභය රුපියල් 350,000ක් බව ද ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් මීට මැදිහත් වෙමින් බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ දැනටමත් ඉතාම අසීරුවෙන් කායවර්ධන ව්‍යායාම් මධ්‍යස්ථාන පවත්වාගෙන යන ව්‍යාපාරිකයින්ට මෙයින් මරු පහරක් එල්ල විය හැකි බවයි. කොරෝනාව නිසා වසරකට ආසන්න කාලයක් තිස්සේ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින කායවර්ධන මධ්‍යස්ථාන හිමියන්ට මෙම මොබයිල් ජිම් නිසා ඊටත් එහා යන අසීරුතාවකට පත්වීමට සිදුවනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාගේ ජංගම ජිම් සංකල්පය යහපත් එකක් වන නමුත් මේ මොහොතේ කළයුතුව ඇත්තේ දැනට ස්වෝත්සාහයෙන් ආදායම් උපයන කවර හෝ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයකුට ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා දිරි දීම විනා ඔවුන්ගේ ආදායම් අහිමි වන තැනකට කටයුතු කිරීම නොවන බවත් බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉතාමත්ම ප්‍රායෝගිකව පෙන්වා දී ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

– LNW

Exit mobile version