Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මඩකලපුවේ ගොවීන් හයදෙනෙක් පැහැරගෙන ගොස් විහාරයක ගැටගසා පහරදීමට එරෙහිව උද්ඝෝෂණ

මඩකලපුවේ ගොවීන් හයදෙනෙක් පැහැරගෙන ගොස් විහාරයක ගැටගසා පහරදීමට එරෙහිව උද්ඝෝෂණ

මඩකලපුවේ ගොවීන් හයදෙනෙක් පැහැරගෙන ගොස් විහාරයක ගැටගසා පහරදීමට එරෙහිව උද්ඝෝෂණ

මඩකලපුව, මයිලතමඩු සහ මාදවන ප්‍රදේශයන් හි ගොවීන් හය දෙනෙකු පැහැර ගෙන විහාරයක රඳවාගෙන පහර දීම හෙළා දකිමින්, පැහැර ගත් ගොවීන් නිදහස් කරන ලෙස ඉල්ලා කරදියනාරු පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි.


ගොවීන්ගේ ඥාතීන් සමග දෙමළ ජාතික පෙරමුණේ මඩකලපුව දිස්ත්‍රික් නායක හා ජාතික සංවිධායක දර්මලිංගම් සුරේෂ්, චෙන්කලඩි ප්‍රාදේශිය සභාවේ සාමාජිකයන් සහ ජාතික සන්ධානයේ ප්‍රාදේශිය සභා සාමාජිකයන්ද මෙම උද්ඝෝෂණයට එක් වී සිටියහ. විවිධ සටන්පාඨ සඳහන් කල දැන්වීම්, බැනර් යනාදිය ප්‍රදර්ශනය කරමින් පිරිස උද්ඝෝෂණයේ නියැලෙනු දක්නට ලැබුණි.

පසුගිය දිනෙක තම ගව රංචුව උලා කෑමට රැගෙන ගිය අයෙක්ව එහි අනවසරයෙන් ගොවිතැන් කරන පිරිසක් අල්ලා ගැට ගසා පහර දී ඇත. ඔහුව මුදවා ගැනීමට ගිය තවත් පිරිසක්ද එලෙස රඳවාගෙන පහර දී ඇත. පොලිසියෙන් කල දුරකථන විමසුමකින් ඔවුන් පන්සලක රඳවාගෙන සිටින බව දැන ගැනීමට හැකිවී ඇත.

මයිලතමඩු හී දීර්ඝ කලක් තිස්සේ පැවත එන නොයෙකුත් ගැටලු සම්බන්ධව කරඩියනාරු පොලිසිය විමර්ශනය කරමින් සිටී. පැමිණීලි බොහෝමයක් තිබුණද ඒවාට කිසිදු පිළිතුරක් මෙතෙක් ලැබී නොමැත.

-තමිළ්වින්

Exit mobile version