Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා: රට පුරා එක් ලක්ෂ තිස්දහසක් ස්වයං හුදකලාවේ

නිවෙස් නිරෝධායනය

නිවෙස් නිරෝධායනය

රට පුරා එක් ලක්ෂ තිස්දහසක් පමණ ජනතාවක් ස්වයං හුදකලාවකට ලක්ව සිටිති. මෙලෙස හුදෙකලා ප්‍රදේශවල සහ හුදෙකලා කර ඇති පදිංචිකරුවන්ගෙන් නිවසේ රැඳී සිටින ලෙසටත්, අනවශ්‍ය ලෙස තම නිවෙස්වලින් පිටව යෑමෙන් වලකින ලෙසටත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් අධිකාරී අජිත් රෝහන මහතා ඉල්ලා සිටියේ ය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

කොළඹ, දෙමටගොඩ, මාලිගාවත්ත සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් කොට්ඨාශ සහ කාත්තාන්කුඩි පොලිස් කොට්ඨාශය තවදුරටත් හුදෙකලා කර ඇති බවයි.

රට පුරා ඇතැම් ග්‍රාම නිලධාරි කොට්ඨාශ, ඇතැම් පාරවල් සහ මහල් නිවාස හුදකලා කර ඇත. මේ අනුව, එක් ලක්ෂ තිස් දහසක ජනතාවක් දිවයින පුරා හුදෙකලා කර ඇත.

කොළඹ සමහර හුදෙකලා පොලිස් කොට්ඨාශ දැන් සාමාන්‍ය අතට පත් වී ඇත. සංචරන සීමාවන්ට අනුකූල වීම සහ සුදුසු සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූල වීම හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචිකරුවන් හුදකලා තත්වයෙන් නිදහස් කර ඇත.

-වීරකේසරි

Exit mobile version