Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ වරායේ ගතවූ මාස 02ට නැගෙනහිර ජැටියේ ගොඩබෑමේ හා පැටවීමේ ආදායම පමණක් කෝටි 33කට වැඩි

නැගෙනහිර ජැටියේ ඉතුරු 51% කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ යෝජනාවක්

නැගෙනහිර ජැටියේ ඉතුරු 51% කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ යෝජනාවක්

පසුගිය ඔක්තෝබර් 27 සිට ජනවාරි 01 දක්වා කාලය තුළ කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ගොඩබෑමේ හා පැටවීමේ ආදායම පමණක් කෝටි 33කට වැඩි බව අනාවරණය වී ඇත.

අදාළ කාලය තුළ නෞකා 30ක බහාලුම් ගොඩබෑම හා පැටවීම සිදුකර ඇති අතර මෙම මෙහෙයුම් වෙනුවෙන් වරාය අධිකාරියට ලැබී ඇති ආදායම රුපියල් තිස්තුන් කෝටි හැත්තෑ අට ලක්ෂ හැත්තෑදහස් පන්සිය දාහතරකි (රු. 33,78,70,514).

නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට පැවරීමට ආණ්ඩුව තීරණය කර තිබූ හෙයින් නැගෙනහිර ජැටියට පැමිණි නැවෙහි තිබූ ග්‍රැන්ට්‍රි දොඹකර ගොඩබෑම ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

පසුව මේ පිළිබඳව නැගුණු වරාය සේවක විරෝධය හේතුවෙන් එම දොඹකර ගොඩබෑමට ආණ්ඩුවට සිදුවූ අතර ඒවා එහි සවි කර මෙහෙයුම් ඇරඹීමට වරාය අධිකාරිය තීරණය කළේය.

2020 ඔක්තෝබර් 27 නැගෙනහිර ජැටියේ මෙහෙයුම් ආරම්භ කරන ලද්දේ ඒ අනුවය.

මෙසේ තිබියදී පසුගියදා ආණ්ඩුව මෙම ජැටිය ඉන්දියානු අදානි සමාගමට පැවරීමට කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගන්නා ලදී.

Exit mobile version