Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු දා ප්‍රහාරයේ වාර්තාව ලද විගස අධි චෝදනා ගොනු කරනවා – අධිකරණ ඇමැති

‘විහාර දේවාලගම් පනත අහෝසි කරන්නේ නෑ’ - අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි

‘විහාර දේවාලගම් පනත අහෝසි කරන්නේ නෑ’ - අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසම කරන පරීක්ෂණවල අවසාන වාර්තාව ලැබුණු විගසම ඒ සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කරන බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී (07) ප්‍රකාශ කළේය.

මේ සිදුවීම පිළිබඳ සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ කටයුතු ස්වාධීන බවත් විමර්ශන සඳහා කිසිවකුගේ බලපෑමක් නොවන බවත් ඇමැතිවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු වැරදිකරුවකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමාව නොදෙන අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන ලෙස සාක්ෂි සොයා ගෙන ගොස් වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමත් නිවැරදිකරුවන් මුදා හැරීමත් වගකිවයුත්තන්ට දඬුවම් දීමත් කළ යුතු බවද අධිකරණ ඇමැතිවරයා පැවසීය.

අධිකරණ ඇමැති අලි සබ්‍රී මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති අලි සබ්‍රි මහතා සඳහන් කළේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කරන ලද ජනාධිපති කොමිසමේ කටයුතු ස්වාධීනව සහ අපක්ෂපාතීව වන බවයි.

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලට අදාළ විමර්ශනයන්හි ගොනුව, පොලිස් දෙපාර්තමේන්තුව පසුගිය නොවැම්බර් මාසයේදී නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත්, ජනාධිපති කොමිසමේ වාර්තාව ලැබූ පසු නීතිපතිවරයා විසින් ඉදිරි කටයුතු කඩිනමින් කරනු ඇති බවයි. මේ ත්‍රස්ත ප්‍රහාරවලින් දෙස් විදෙස් 268 දෙනකු ජීවිතක්ෂයට පත් වූහ. වන්දි ඉල්ලීමේ අයදුම්පත්වලට අනුව තුවාල ලබා ඇති සංඛ්‍යාව 506ක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

Exit mobile version