Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාස දෙකක් පෙනෙන්නට නැති ‘අලිබාබා’ නිර්මාතෘ ජැක් මා

මාස දෙකක් පෙනෙන්නට නැති 'අලිබාබා' නිර්මාතෘ ජැක් මා

මාස දෙකක් පෙනෙන්නට නැති 'අලිබාබා' නිර්මාතෘ ජැක් මා

චීනයේ ධනවත් ම මිනිසා ලෙස වසර ගණනාවක් පෙරමුණ ගෙන සිටි අලිබාබා සමාගමේ නිර්මාතෘ ජැක් මා මාස දෙකක පමණ කාලයක සිට ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණු බවට මාධ්‍ය වාර්තා පළවී තිබේ.

අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, Africa’s Business Heroes නැමැති ජැක් මාගේ නිර්මාතෘත්වයෙන් යුත් වැඩසටහනේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ඔහු එහි අවසන් තරගයේදීද පෙනී නොසිටි බවය.

අලිබාබා සහ ඈන්ට් සමූහ ව්‍යාපාරයේ අධිපති ජැක් මා පසුගිය නොවැම්බර් මාසයේ සිට ප්‍රසිද්ධියේ පෙනී නොසිටි බව පැවසේ. පසුගිය නොවැම්බර් මාසයේදී ඔහුට අයත් ඈන්ට් සමූහ ව්‍යාපාරය කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමට ගත් උත්සහය අත්හිටුවීමට සිදුවිය.

ඔහු ප්‍රසිද්ධියේ චීනයේ මූල්‍ය හා නියාමන පද්ධතියට චෝදනා කළ බවට ද මාධ්‍ය වාර්තා පළවී තිබිණි. පසුව ඔහුට චීනයෙන් පිටව නොයන ලෙසට චීන රජය උපදෙස් දී තිබිණි.

ජැක් මාගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 58.4ක් බව ෆෝබ්ස් සඟරාව පවසයි. බ්ලූම්බර්ග් බිලියනයර්ස් ආයතනයට අනුව ඔහු මේ වන විට ආසියාවේ ධනවතුන් අතර සිටින්නේ, තුන් වන ස්ථානයේය.

Exit mobile version