Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කොරෝනා එන්නත සහ ඔවුන්ගේ දේශීය එන්නතක් අනුමත කරයි

ඉන්දියාව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කොරෝනා එන්නත සහ ඔවුන්ගේ දේශීය එන්නතක් අනුමත කරයි

ඉන්දියාව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කොරෝනා එන්නත සහ ඔවුන්ගේ දේශීය එන්නතක් අනුමත කරයි

හදිසි භාවිතය සඳහා ඉන්දියාව කොරෝනා එන්නත් දෙකක් අනුඅමත කර තිබේ. ඒ අනුව ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය එලෙස අනුමත කර තිබෙන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් හඳුනා ගත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ ඔවුන්ගේ දේශීය නිෂ්පාදනයක් වන භාරත් භයෝ ටෙක් එන්නතයි.

අගමැති නරේන්ද්‍ර මෝදී විසින් මෙය දක්වා ඇත්තේ ඉතා තීරණාත්මක සංධිස්ථානයක් බවයි.

ඒ අනුව මෙම වසරේදී එන්නත් ලබා දිය යුතු ප්‍රමුඛතා ලැයිස්තුවට මිලියන 300ක් එකතුවනු ඇති බවටයි ඉන්දියාව සැලසුම් කර ඇත්තේ.

ලොව කොරෝනා ව්‍යාප්තිය හමුවේ දෙවන වැඩිම ව්‍යාප්තිය වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය මිලියන 10.3 ඉක්මවා ඇත. තවද ආසන්න වශයෙන් 150,000ක් පමණ මිය ගොස් ඇති බවයි එරට වාර්තා පවසන්නේ.

බිලියන 1.3ක පමණ ජනගනහනයකින් යුත් ඉන්දියාවේ රට පුරා එන්නත් ලබා දීම සඳහා ඊයේ දින සෞඛ්‍ය සේවකයින් 90,000ක් පමණ සහභාගීත්වයෙන් පෙරහුරුවක් පවත්වා ඇති බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

-LNW

Exit mobile version