Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීන සංවර්ධන බැංකුවෙන් ලංකා බැංකුව ප්‍රතික්ෂේප වේ: ලංකා බැංකුව කබලෙන් ලිපට

චීන සංවර්ධන බැංකුවෙන් , ලංකා බැංකුව ප්‍රතික්ෂේප වේ. ලංකා බැංකුව කබලෙන් ලිපට

චීන සංවර්ධන බැංකුවෙන් , ලංකා බැංකුව ප්‍රතික්ෂේප වේ. ලංකා බැංකුව කබලෙන් ලිපට

ලංකා බැංකුව විසින් අයදුම්කරන ලද ණය මුදලකට අදාළව චීන සංවර්ධන බැංකුව (China Development Bank) විසින් 2021 ජනවාරියේ ලබාදීමට තිබූ වාරිකය ගෙවීම ලංකා බැංකුව ශ්‍රේණියෙන් පහත වැටීම (Downgrade) නිසා ප්‍රතික්ෂේප වී තිබේ.

ලංකා බැංකුව විසින් චීන සංවර්ධන බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂා කර තිබූ මුළු ණය මුදල ඩොලර් මිලියන 140ක් වූ අතර පසුගිය ජූලි මස 19 වෙනිදා පළමු වාරිකය ලෙස චීන සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 70ක් මුදාහැර තිබේ. එහි දෙවැනි වාරිකය ලෙස මුදාහැරීමට තිබූ ඩොලර් මිලියන 70ක මුදල මුදාහැරීම මෙසේ ප්‍රතික්ෂේප කර තිබේ.

ලංකා බැංකුව මෙම වසර තුළදී ශ්‍රේණිගත කිරීම්වලින් ඒකක දෙකක් එකවර පහත වැටීම නිසා මෙම ණය මුදල ප්‍රතික්ෂේප වී තිබේ. මෙම හේතුව නිසා ලබාදී ඇති ණය වාරිකයද නැවත කඩිනමින් අයකරගැනීමට චීන සංවර්ධන බැංකුවට හැකියාව තිබේ.

ලංකා බැංකුව මුහුණ දී තිබෙන මෙම අර්බුදයෙන් පෙනෙන්නේ රටේ ආර්ථික අර්බුදයේ ගැඹුර බව යැයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි. එමෙන්ම ඉදිරියේදී ලංකා බැංකුවට නැවත ණය ලබාගැනීම විශාල ගැටලුවක් වී තිබෙන අතර පෙර කී වාරිකය චීන සංවර්ධන බැංකුව විසින් කඩිනමින් අයකරගැනීමට තීරණය කළහොත් මෙම අර්බුදය තවත් තීව‍්‍ර වන බව ආර්ථික වි ය හැකි බවද ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.

Exit mobile version