කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව ජාතික භික්ෂු සංවිධාන එකමුතුවක් විසින් දෙසැම්බර් 28 වන දින ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත විය. එම අවස්ථාවේ දී වෙනත් කටයුත්තක් සඳහා ජනාධිපති කාර්යාලය වෙත පැමිණ සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත මේ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් සංදේශයක් භාර දීමට ද විරෝධතාකරුවන් කටයුතු කළා.
ජාතික සංවිධාන සම්මේලනය, සිංහල රාවය, ජාතික සංවිධාන එකමුතුව, සිංහලේ අපි, සිංහලේ හා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය ඇතුළු සංවිධාන කිහිපයක් විසින් “ජීවත් වීමේ අයිතියි තහවුරු කරනු” යන පාඨය යටතේමෙම විරෝධතාව සඳහා සහභාගී වූ අතර විරෝධතාවයේ නිරත වූ භික්ෂූන් හා ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු විය.
එම අවස්ථාවේ දී එම ස්ථානයට පැමිණි ජනාධිපති පුද්ගලික ලේකම් සුගීස්වර බණ්ඩාර වෙත ද භික්ෂූන් වහන්සේලා විසින් කරුණු පැහැදිලි කළා. ඉන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කළේ ‘අපිට විශාල සැකයක් තිබෙනවා. වෛරසයක් ආසාදනය උනු මළ කුණක් පුච්ච ගන්න බැරි ආණ්ඩුව මද්‍රාසා පාසල්, ශරියා නිතිය, මුස්ලිම් ළමා විවාහ නීති වෙනස් කරලා එක රටක් – එක නීතියක් බවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පත් කරයි ද කියලා අපිට සැකයක් තියෙනවා’
69 ලක්ෂයක ජනවරමක් ලබා දුන්නේ, ඒ වගේම තුනෙන් දෙකක බලයක් මේ රටේ ජනතාව ලබා දුන්නේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන්න. ඒක නිසා නීතිය ආගම අනුව වෙනස් වෙන්න බෑ. නීතිය ජාතීන් අනුව වෙනස් වෙන්න බෑ. නීතිය හැමෝටම එකක් විය යුතුයි. ඒක සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන හැමෝටම එක හා සමානව ක්‍රියාත්මක වෙන්න ඕනේ.
අපි ආණ්ඩුවෙන් අහනවා රෙදි ඇඳගෙන ද මේ රිෂාඩ් බදියුදීන්ගෙයි, හකීම්ගෙයි මන්ත්‍රීවරුගේ ඡන්ද අරගෙන 20 සම්මත කරගත්තේ රෙදි ඇඳගෙනදැයි අහනවා. අද රෙද්ද පල්ලෙන් බේරෙන තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ඔබතුමාගෙන් මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ රුසියාවේ පුටිං කෙනෙක්. හැබැයි අද වෙනකොට මෛත්‍රීපාල සිරිසේනගේ හිටංටත් වඩා හපන් බව මේ වෙලාවේ මතක් කරන්න ඕනේ.
ඒ නිසා මේ රටේ එක රටක් එක නීතියක් බවට පත් කිරීමේ භාරදුර වගකීම ඔබතුමාට පැවරිලා තියෙනවා ඔබතුමා පිළිබඳව තවත් අල්පමාත්‍රයක හරි විශ්වාසයක් අපිට තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ ඒ විශ්වාසයත් පළුදු වුනෝතින් අනිවාර්ය වශයෙන්ම අපි සංවිධානය වෙලා ආණ්ඩු විරෝධී රැල්ලක් නිර්මාණය කරනවා කියන එක අනතුරු ඇඟවීමක් හැටියට අපි ආණ්ඩුවට මතක් කරන්න ඕන’ යැයි පැවසුවා
කෙසේ වෙතත්, මේ වන විට අමරපුර – රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව විසින් භූමදානය සඳහා යම් කොන්දේසි කිහිපයකට යටත් ව අවසර ලබා දිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලිමක් කිරීමට ද කටයුතු කර තිබෙනවා.