Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බන්දුල ඉවත්කල සතොස සභාපති, තමා නොවැම්බර් මස ඉල්ලා අස්වූ බව පවසයි

සතොස කිරිපිටි මිල පහළට

සතොස කිරිපිටි මිල පහළට

නුෂාඩ් පෙරේරා

වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින ලංකා සතොස සහ සතොස ආයතනයන්හී සභාපතිවරයා ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා මහතා සතොස ආයතනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බවත්, කාර්යබහුලත්වය අධිකවීමෙන් තමා එම තීරණය ගත් බවත් පවසයි.

ලිපියක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ තමා ලංකා සතොස සුපිරි වෙළෙඳසැල් ජාලය ක්‍රියාත්මක ආයතනයේ සභාපතිවරයා මෙන්ම සතොස (ලොරි සහ ගබඩාවන් (CWE)) ක්‍රියාත්මක ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බවය. ඒ අනුව තමා සතොස (CWE) ආයතනයෙන් ඉල්ලා අස්වූයේ පසුගිය නොවැම්බර් මස බවද වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර (25) වාර්තා වූයේ, බන්දුල ගුණවර්ධන මහතා විසින් සතොස ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත්කර ඇති බවය.

Exit mobile version