Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්තල ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ ආනයන අපනයන සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනයට

මත්තලට එන ගුවන් යානා සඳහා වසර දෙකක ගාස්තුවලින් නිදහස් සහන කාලයක්

මත්තලට එන ගුවන් යානා සඳහා වසර දෙකක ගාස්තුවලින් නිදහස් සහන කාලයක්

මත්තල ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ ආනයන අපනයන සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ. මත්තල ගුවන්තොටුපල, සක්‍රිය ගුවන්තොටුපලක් බවට පත් කිරීමේ දී මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස එය සංවර්ධනය කිරීමට අමතරව මෙම පියවර ගැනෙන බවද ඇමතිවරයා සදහන් කරයි.

කොවිඩ් 19 වසංගතය රටතුල පැතිරයාමට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සක්‍රිය ගුවන්තොටුපලක් බවට පත්කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන අතර සංචාරකයන්ට රට විවෘත කිරීමත් සමඟ එම වැඩසටහන යලි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව සංචාරකයන්ට කටුනායක හා මත්තල ගුවන්තොටුපල දෙකම විවෘත කිරීමට තීරණය කර ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

Exit mobile version