Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උතුරේ ජනතාවගේ විනය ගරුක බාවය නිසා කොරෝනා පළමු රැල්ල පාලනය කිරීමට හැකි විය – හමුදාපති

උතුරේ ජනතාවගේ විනය ගරුක බාවය නිසා කොරෝනා පළමු රැල්ල පාලනය කිරීමට හැකි විය - හමුදාපති

උතුරේ ජනතාවගේ විනය ගරුක බාවය නිසා කොරෝනා පළමු රැල්ල පාලනය කිරීමට හැකි විය - හමුදාපති

උතුරේ ජනතාව ස්වයං විනයෙන් කටයුතු කළ නිසා, පළමු කොරෝනා රැල්ලේ බලපෑම පාලනය කිරීමට හැකි වූ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

උතුරේ පළමු කොරෝනා රැල්ලේ බලපෑම, උතුරේ ජනතාවගේ ස්වයං විනයෙන් හා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සහයෝගයෙන් එය පාලනය කිරීමට හැකි වූ බව ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලාංකික ප්‍රජාව ලෙස, ද්‍රවිඩ ජනතාව කොරෝනා පාලනය කිරීම සඳහා ලබා දෙන දායකත්වයට ජනාධිපති සහ අගමැති වෙනුවෙන් රජයේ නිලධාරිවරයෙකු වශයෙන් ස්තූතිය පුද කරන බව ඔහු පැවසීය.

උතුරේ මත්ද්‍රව්‍ය භාවිතය මැඩපැවැත්වීමට කඩිනමින් පියවර ගන්නා බව හමුදාපති ප්‍රකාශ කළේය.

යාපනයේ පැවති උත්සවයකදී ඔහු මේ බව පැවසීය.

යුධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද නිරිතදිග වඩුකෝට්ටෙහි ලුණු ලේවාය හමුදාපති විසින් අද දින විවෘත කරනු ලැබීය.

Exit mobile version