Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වේවි! – මන්ත්‍රී නලීන් බණ්ඩාර රජයට යවනු ලැබූ පණිවිඩය…

රජයේ උවමනා මත සමහර අධිකරණ තීන්දු දෙයි! - නලීන් බණ්ඩාර

රජයේ උවමනා මත සමහර අධිකරණ තීන්දු දෙයි! - නලීන් බණ්ඩාර

වෛරසය පැතිරීම උත්සන්න වී ඇති තත්ත්වයක ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීමට රජය පියවර ගත යුතුයි. එසේ නොවුවහොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා, විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ දින පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඔහු වැඩි දුරටත් පැවසුවේ,

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රජයට නොහැකි වී තිබේ. මේ නිසා කොරෝනා සමඟම ජීවත් වීමේ තත්ත්වයක් මහජනතාවට උදා වී ඇත.

ජනතාවගේ ජීවන අර්බුද තත්ත්වයට තීන්දුවක් ලබා දීම රජයේ වගකීමකි.

වත්මන් රජයට විදේශ ආයෝජන ලබා ගැනීමට නොහැකි වී තිබේ.

ලක්ෂ 69ක ජනතාවගේ බලාපොරොත්තු ඉවතලා තම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පමණක් රජය කටයුතු කරන බව සියයට සියයක් තහවුරු වී ඇත.

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය හේතුවෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ මෘත දේහ මාලදිවයිනට යැවීමට පියවර ගන්නා බව පවසයි. මෙයින් පෙනී යන්නේ මුස්ලිම්වරුන්ගේ සාධාරණ ඉල්ලීම සපුරාලීමට රජයට ඇති නොහැකියාවයි. ශ්‍රී ලංකාවේ සිට මාලදිවයිනට මෘත දේහ යැවීමට සාමාන්‍ය ජනතාවට පහසුකම් තිබේද?

මහර බන්ධනාගාරයේ මිය ගිය සිරකරුවන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව පවසා ආදාහනය කර ඇත. මෙයින් මහර බන්ධනාගාරයේ මිය ගිය අදාළ රැඳවියන් වෙඩි තබා ඝාතනය කළේද? පහර දී ඝාතනය කළේද? යන්න අභිරහසකි.

කොරෝනා සඳහා ඇති ඖෂධ සම්බන්ධයෙන් රජය වගකීම් විරහිතව කටයුතු කරයි. වෛරසය පැතිරීම උත්සන්න වී ඇති තත්ත්වයක ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීමට රජය පියවර ගත යුතුයි.

එසේ නොකළහොත් බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු විය හැක. මෙවැනි තත්ත්වයක් තුළ රජය විසින් ගනු ලබන නුසුදුසු ක්‍රියාකාරකම් පිළිබඳව බලවත් විපක්ෂයක් ලෙස දිගටම අප විරුද්ධව සටන් කිරීමට සූදානම් බව ඔහු තවදුරටත් පැවසීය.

Exit mobile version