Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට මාලදිවයිනට එන්න කියන්න.” මාලදිවයිනේ හිටපු විදේශ ඇමතිනිය කියයි

මාලදිවයිනේ හිටපු විදේශ ඇමතිනිය

මාලදිවයිනේ හිටපු විදේශ ඇමතිනිය

කොරෝනා වෛරසය ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානය සදහා ඉඩ ලබා දෙන ලෙස මෙරට රජය මාලදිවයින් රජයෙන් ඉල්ලා ඇති බව පසුගිය දා වාර්තා විය.

ලංකාවෙන් ඉදිරිපත් වූ මෙම ඉල්ලීම පිළිබදව මාලදිවයින් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවත්, ඒ සදහා අවශ්‍ය කටයුතු පිළිබදව සොයා බැලීම සදහා බලධාරීන් යොමුකර ඇති බවත්, මාලදිවයිනේ වත්මන් විදේශ ඇමතිවරයා ඔහුගේ නිල ට්වීටර් ගිනුම ඔස්සේ පවසා තිබුණි.

මේ අතර, මාලදිවයිනේ හිටපු විදේශ අමාත්‍යවරියක වූ දුන්යා මවුමූන් මහත්මිය, ලංකා රජයේ ඉල්ලීම සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක් තබා තිබේ.

එම ට්වීටර් පණිවිඩයෙන් ඈ පවසන්නේ, ශ‍්‍රී ලංකාව අත් හැර, තම රටට පැමිණෙන ලෙස ශ‍්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම් ජාතිකයන්ට මාලදිවයින් රජය ආරාධනා කළ යුතු බවයි.

පළමු වාක්‍යය මගින් එසේ පවසන හිටපු විදේශ ඇමතිනිය, දෙවන ෙඡ්දයෙන් පවසන්නේ, ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ අවසන් කටයුතු ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට අනුව ඉටු කිරීමට ලංකා රජය ඉඩ දිය යුතු බවයි.

Exit mobile version