Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

PCR මගහැරියොත්, බොරු තොරතුරු දුන්නොත් දේපළ මුද්‍රා තබනවා – අජිත් රෝහණ

විදේශ රටවල්වලට පැන ගිය 24 දෙනෙකුට රතු වරෙන්තු - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

විදේශ රටවල්වලට පැන ගිය 24 දෙනෙකුට රතු වරෙන්තු - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

PCR පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ දී ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට සහ එම පරීක්ෂණ මගහරින පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ සහ නිරෝධායන නීතිය යටතේ උපරිම නීතිය ක්‍රියාත්මත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙලෙස කරන්නන් රටට ද්‍රෝහිකම් කරන පුද්ගයන් සහ වයිරසය තවත් පුද්ගලයන්ට ව්‍යාප්ත කරන්නන් වශයෙන් සලකා ඔවුන්ගේ නිශ්චල චංචල දේපළ මුද්‍රා තැබීමට කටයුතු කරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙවැනි නීති විරෝධී ක්‍රියාවන්හි නිරත නොවන ලෙසත් කොවිඩ් වයිරසය මෙරටින් තුරන් කිරීමට සියලු දෙනාම ඒකරාශි වී කටයුතු කළ යුතු බවත් අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මෙවැනි අවස්ථාවක රටවැසියන් වශයෙන් සියලු දෙනා ඒකරාශි වී සෞඛ්‍ය බලධාරීන්ට ඒ සදහ අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදිය යුතු බවද අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.
-LT

Exit mobile version