Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයට අවශ්‍ය නම් බිලියන 40ක්, බිලයන 25ක් ණයට ගන්නවා බිලියන 15 අච්චු ගහනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

සංචරණ සීමා නිසා රටේ ආර්ථිකයට වූ පාඩුව කෝටි 6000ක්, දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් දිනකට අහිමි වූ මුදල රුපියල් කෝටි 1500ක්

සංචරණ සීමා නිසා රටේ ආර්ථිකයට වූ පාඩුව කෝටි 6000ක්, දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් දිනකට අහිමි වූ මුදල රුපියල් කෝටි 1500ක්

රටේ ණය බර සම්බන්ධයෙන් වත්මන් ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුවට කලබලයක් නැති බවත් අයවැය හිඟය පියවීමට සල්ලි අච්චු ගැසීම හෝ ණයට ගැනීම සිදු කළ හැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. ඔහු මේ බව පවසන්නේ රූපවාහිනී නාලිකාවක් සමග විශේෂ වැඩසටහනකට එක් වෙමිණි.

2021 වසරේ අයවැය හිඟය පියවා ගන්න යන්නේ සල්ලි අච්චු ගහලාදැයි මාධ්‍යවේදියා විමසූ විට,

“ඒ ආණ්ඩුව ණය අරගෙන ට්‍රිලියන 07ක තිබුණ එක ට්‍රිලියන 13ක් බවට පත් කරලා රුපියල අව ප්‍රමාණය කරලා පොළී අනුපාතය වැඩි කරලා කලබල වෙන්න තත්වයක් ඒ අය මවලා දුන්නා. ඒකෙන් කියවෙන්නේ නැහැ අපිත් කලබලවෙලා එහේ මෙහේ දුවනවා කියලා. අපි ඒකට මුහුණ දෙනවා. මෙතන දී සමහර අවස්ථාවලදී සල්ලි අච්චු ගහන්න වෙනවා. සමහර අවස්ථාවලදී ණය ගන්න සිදුවෙනවා.“ යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ සතියකට භාණ්ඩාගාර බිල්පත් මගින් බිලියන 40ක ණය ලබා ගැනීමේ අවශ්‍යතාවය තිබුණද රජය ඉදිරිපත්කරන පොලී අනුපාතය යටතේ බිලයන 25ක් පමණ ලබාගතහැකි අතර ඉතිරි බිලියන 15 මුදල් අච්චු ගැසීමෙන් ලබා ගත හැකි බවයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් ඒ බව පවසන්නේ, “රජයට අවශ්‍ය නම් බිලියන 40ක් බිට්ස් කෝල් කරනවා. බිලියන 25ක් විතරයි ලැබෙන්නේ අවශ්‍ය පොලී අනුපාතය අනුව. ඒත් අවශ්‍යයි 40යම. සමහර විට මහබැංකුව ඒ අවස්ථාවේ දී මුදල් අච්චු ගහලා ඒක ගන්න පුළුවන්. පස්සේ තව දවසක මහ බැංකුවට පුළුවන් ඒක සෙකන්ඩ්‍රි මාර්කට් එකේ විකුණන්.” යනුවෙනි.

ණය ලබාගැනීම සඳහා අනුගමණය කරන මෙම ක්‍රියාමාර්ග දෙක පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළද ඉන් ඇතිවන ජනතාවට දරාගත නොහැකි උද්දමණකාරී තත්වය පිළිබඳව ආණ්ඩුව කිසිඳු තැකීමක් නොකරන බව තහවුරු වේ. මෙම වසර සහ ලබන වසර වෙනුවෙන් දල වශයෙන් රුපියල් ට්‍රිලියන 06ක ණය ලබා ගැනීමට ආණ්ඩුව මේ වනවිටත් කටයුතු කර ඇත.

Exit mobile version