Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) කොවිඩ් නිසා මිය ගිය දින 20ක බිළිඳා, වෛද්‍යවරයා බොරු කියලා, පියා ගෙන් චෝදනා – ස්වර්ණවාහිනී පුවත නැවත නිවැරදි කරයි!

කොවිඩ් නිසා මිය ගිය දින 20ක බිළිඳා ආදාහනය

කොවිඩ් නිසා මිය ගිය දින 20ක බිළිඳා ආදාහනය

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය දින 20ක බිළිදාගේ කටයුතු සියල්ල 4 වන විට සූදානම් කර තිබූ අතර අධිකරණ වෛද්‍යවරයාට සහ මරණ පරීක්ෂකවරයා ට ඉදිරිපත් කර සියල්ල සාර්ථකව ඉටු කළෙමු. එමෙන්ම මෙම දරුවාගේ මෘත දේහය භාර ගැනීම දෙමාපියන් විසින් ප්‍රතික්ෂේප කළ අතර එහි පැමිණි ඥාතීන් ද දේහය භාර ගැනීමට ඉදිරිපත් නොවුහ. එම නිසා රජයේ වියදමෙන් අප ආදාහනය කිරීමට කටයුතු කළෙමු යැයි එම රෝහලේ සිටි වෛද්‍යවරයෙක් පැවසීය.

නමුත් දරුවාගේ පියා මේ පිළිබඳව ප්‍රකාශ කරන ලද්දේ “දේහය භාර ගැනීමට අප ප්‍රතික්ෂේප කළ බවට පවසන ලද තොරතුර අසත්‍යක් බවයි.”

ඒ අනුව දරුවාගේ පියා වැඩි දුරටත් කියා සිටියේ,

“ඩොක්ටර් ස්වර්ණවාහිනියට ප්‍රකාශ කර තිබුණේ දරුවා භාර ගැනීමට කිසිවෙක් නොපැමිණි බවයි. මම දරුවාව රෝහලට රැගෙන ගියේ 7 වන දා රාත්‍රී 10:30 ට පමණ. නමුත් ඩොක්ටර් ප්‍රවෘත්තිවලට ප්‍රකාශ කළේ දරුවාව භාරගත්තේ 4 ට කියලා. අපි ළමයාව රෝහල්ගත කළේ කළින් දවසේ රාත්‍රී 10.30 ට. අපිට පාස් කාඩ් එක දුන්නේ රාත්‍රී 12 ට පමණ. එහි දිනය සඳහන් කරලා තිබෙන්නේ 8 වැනිදා කියලා. අපි 6 ට පමණ රෝහලට ගිය පසු ඩොක්ටර් කිව්වා අත්සනක් තියන්න කියලා. අපි ඇහුවා ළමයාව අපිට භාර දෙන්න නේද අත්සන ගන්නෙ කියලා. ඩොක්ටර් කිව්වා ළමයාව දෙන්න බෑ අත්සන තියලා යන්න කියලා. ළමයාව දෙන්න බැරි නම් අත්සනෙන් වැඩක් නෑනේ කියලා අපි කිව්වා. තව private PCR එකක් කරමු කියලා අපි කියද්දී , ඩොක්ටර් කිව්වා අත්සන තියලා ගිහින් ගන්න කියලා. මම කිව්වා PCR එක කරලා අත්සන තියන්නම් කියලා. PCR එකක් ගන්න අපි ගොඩාක් උත්සාහ කරද්දී පොලීසිය ගෙදරට ඇවිත් මරණ සහතිකයක් දීලා ගියා. කොවිඩ් positive කියලා report එකකුත් ඒකේ තිබුණා. කිසි ප්‍රශ්නයක් වෙන්න හොඳ නෑ කියලා අපි ගෙදරටම වෙලා හිටියා. ළමයාව භාර ගන්න ගියේ නෑ කියන එක වැරදි. අපේ ළමයාව අපි භාරගන්නේ නැතුව ඉන්නේ කොහොමද? එයාව භාර දුන්නේ නැහැ.”

Exit mobile version