Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සුළි කුණාටුවලට නම් තැබෙන්නේ මෙහෙමයි

සුළි කුණාටුවලට නම් තැබෙන්නේ මෙහෙමයි

සුළි කුණාටුවලට නම් තැබෙන්නේ මෙහෙමයි

ලෝකයේ ඇති වන සුළි සුළං විවිධ නම්වලින් හඳුන්වනු අප අසා දැක තිබේ. එලෙස සුළි සුළංවලට නම් තැබෙන ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය.

සුළි සුළං සහ සුළි කුණාටුවලට නම් තැබීමේ අරමුණ වන්නේ, එම සුළි සුළං තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව අතර වැඩි අවධානයක් යොමු කරවීමය. එමෙන්ම, සුළි සුළඟ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේදී මෙන් ම මාධ්‍ය ඔස්සේ තොරතුරු ලබා දීමේදී සුළි සුළං සඳහා නමක් තැබීම අතිශය වැදගත් වේ.

ඒ අනුව, කලාපීය වශයෙන් ඇති වන සුළි සුළං සහ සුළි කුණාටු සඳහා නම් තැබීමේ වගකීම පැවරී ඇත්තේ, ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි කලාපීය විශේෂ කාලගුණික මධ්‍යස්ථානය The Regional Specialized Meteorological Centre (RSMC) of Tropical Cyclones in New Delhi වෙතය.

එම කාර්යාලයට කලාපීය රටවල් සුළි සුළං සඳහා යෝජිත නම් ලබා දී තිබේ. ඒ අනුව, 2020 අප්‍රේල් මාසයේදී එම කාර්යාලය වෙත ලැබී ඇති යෝජිත නම් පහත පරිදිය. ඒවා රටෙහි නම අකාරාදිය පිළිවෙළට සකසා අදාළ යෝජිත නම් ලැයිස්තුගත කර තිබේ.

ඉහත නම් ලැයිස්තුවට අනුව නිවාර් සුළි කුණාටුවට පසු බුරවි යන නම යෙදී තිබුණු හෙයින් මෙවර ශ්‍රී ලංකාව හරහා හමා ගිය සුළි කුණාටුව බුරවි ලෙස නම් කෙරිණි.

බුරවි යන නම යෝජනා කරනු ලැබ ඇත්තේ, මාලදිවයින විසිනි.
මීළඟ සුළි සුළඟ මියන්මාරය විසින් යෝජනා කරන ලද Tauktae යන නමින් නම් කෙරෙනු ඇත.

-mawbima.lk

Exit mobile version