Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා අනුපොකුරු බිහිවෙමින් තිබෙන බැවින් මේ රැල්ල ප්‍රබලම රැල්ල විය හැකියි – මහාචාර්ය තිස්ස විතාරණ

රජයේ අවභාවිතා, වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් වාර්ෂිකව ඉතා විශාල මුදලක් රටට අහිමිවනවා – තිස්ස විතාරණ

රජයේ අවභාවිතා, වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් වාර්ෂිකව ඉතා විශාල මුදලක් රටට අහිමිවනවා – තිස්ස විතාරණ

මේ වනවිට සමාජය තුළින් කොරෝනා අනුපොකුරු බිහිවෙමින් තිබෙන බැවින් මේ රැල්ල ප්‍රබලම රැල්ල විය හැකි බව වෛරස් රෝග පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ මහතා අනතුරු අඟවා සිටියි.

මේ වනවිට කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාවේ සියයක පමණ පිරිසක් මියගොස් සිටින බවත් නිසි පරිදි සෞඛ්‍ය උපදේශන පිළිපැදීමට සියලුදෙනා පියවර නොගතහොත් දෙවන රැල්ලෙන් ම සිදුවන මරණ සංඛ්‍යාව දෙගුණ තෙගුණ විය හැකි බව ද මහාචාර්යවරයා පැවැසීය.

මිනිසුන්ගේ ආශ්වාස ප්‍රශ්වාස මගින් වෛරසය දිගින් දිගට ම ජීවමාන වන බවත් ශ්‍රී ලංකාව වැනි දූපත් රට අභ්‍යන්තරයේ සියලුදෙනා මුඛ ආවරණ පැළඳ, දූරස්ථභාවය තබා ගනිමින් සබන් යොදා අත පිරිසුදු කරගනිමින් නිසි සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කළහොත් වෛරසය අපේ පොළෝ තලයෙන් අතුගා දැමිය හැකි බව ද මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැහැදිලි කළේය.

ඇතැම් අයට කොරෝනා වෛරසය ශරීරගත වුවත් ඒ අයට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවට මේ වනවිට සොයාගෙන ඇතැයි ද ඒ අය නොදන්නා මුත් මෙම වෛරසය බෝ කරන වාහකයන් බවට පත්ව තිබෙන බවත් වෛරස් රෝග පිළිබඳ විශේෂඥ, මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය.

තුන්වන රැල්ලක් ඒමට පෙර මෙම රැල්ල පාලනය නොකළහොත් මේ රැල්ලම ප්‍රබල ම රැල්ලක් විය හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

Exit mobile version