Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසංගතයෙන් වැටුණු ව්‍යාපාර ගොඩගන්න ආසියානු බැංකුවෙන් කෝටි ගණන් ණය

වසංගතයෙන් වැටුණු ව්‍යාපාර ගොඩගන්න ආසියානු බැංකුවෙන් කෝටි ගණන් ණය

වසංගතයෙන් වැටුණු ව්‍යාපාර ගොඩගන්න ආසියානු බැංකුවෙන් කෝටි ගණන් ණය

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ක්ෂණික මූල්‍යාධාර සැපයීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 165ක (රුපියල් කෝටි 3052ක ණයක් ලබා දී තිබේ.

ඩ් වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින කාන්තා ව්‍යවසායකයන් කුඩා තේවතු හිමියන් සහ තවත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අරමුණු කර දීර්ඝ කාලීන මූල්‍ය පහසුකමක් ලෙස මේ ඔස්සේ ණය සම්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.

ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවේ සමස්ත රැකියා ප්‍රමාණයෙන් 45%ක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා ඔස්සේ නිර්මාණය වන අතර එම ක්ෂේත්‍රයෙන් මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ 52%ක ප්‍රමාණයක් ආවරණය වේ. ආසියානු සංවර්ධන බැංකුව එම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් 2016 වර්ෂයේ සිටම ශ්‍රී ලංකාවේ කටයුතු කරන අතර 2018 වර්ෂයේ සිට ජී-20 (G-20) රටවල් සමග එක්ව මෙරට කාන්තා ව්‍යවසායකයන් වෙනුවෙන්ද විශේෂ අරමුදල් සම්පාදනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

මෙම ණය මුදල දේශීය බැංකු 10ක් මගින් කඩිනමින් කාරක ප්‍රාග්ධනය ලෙස බෙදා දීමට අපේක්ෂා කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු විශේෂ මූල්‍ය විශේෂඥ තකුයා හොසිනෝ සඳහන් කරයි.

Exit mobile version