Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බැටිකලෝ කැම්පස් (පූනානි කොවිඩ් රෝහල) ඉදි කරන්න සෞදියෙන් කෝටි 364ක් එවලා, කොමිසම හමුවේ අනාවරණය වෙයි

බැටිකලෝ කැම්පස් - පූනානි කොවිඩ් රෝහල

බැටිකලෝ කැම්පස් - පූනානි කොවිඩ් රෝහල

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ආරම්භ කළ බැටිකලෝ කැම්පස් (පූනානි කොවිඩ් රෝහල) ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 3640කට අධික මුදලක් සෞදි අරාබියේ සිටින පුද්ගලයකුගෙන් මෙරටට ලැබී ඇති බව පෙරේදා(23) පාස්කූ ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අනාවරණය විය.

කොල්ලුපිටිය ලංකා බැංකු ශාඛාවේ හිටපු කළමනාකරුවෙකු වන චම්පා කුමාරි කන්නන්ගර මහත්මිය කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සිදු කළාය.

කොල්ලුපිටියේ ලංකා බැංකු ශාඛාවේ ඇති හිස්බුල්ලා මහතාට සම්බන්ධ ගිණුම් රැසක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයන් කරන ජනාධිපති කොමිසමේදී ඊයේ පරික්ෂාවට ලක්වු අවස්ථාවේදී මේ බව අනාවරණය විය.

එම බැංකු ශාඛාවේ ඇති එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට අයත් හිරා පදනමේ ගිණුමකට සැකකටයුතු අන්දමින් රුපියල් මිලියන 313කට වැඩි විදෙස් ප්‍රේශන ලැබී ඇති අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම ඊයේ දිනයේ කොල්ලුපිටිය ලංකා බැංකු ශාඛාවේ ඇති නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට සම්බන්ධ සැකකටයුතු ගිණුම් කිසිපයක් සම්බන්ධයෙන් විමර්ශන කරනු ලබුවේය.

කොල්ලුපිටිය ලංකා බැංකු ශාඛාවේ Batticaloa Campus නමින් ජංගම ගිණුම් 2ක් සහ එක් ෆියා ගිණුමක් ඇති බවත් එම ගිණුම් අතර ඇති බැටික්ලෝ කැම්පස් කොලෙජ් ප්‍රයිවට් ලිමිටඩ් නම් ගිණුම 2016 ජනවාරි මස 14 විවෘත කර ඇති බවත් කියා සිටි ඒ නිලධාරිණිය එහිදී බලයලත් නිලධාරීන් ලෙස සභාපතිවරයා වශයෙන් එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සහ අහමඩ් හිරාස් හිස්බුල්ලා නමැත්තා සඳහන් කර ඇති බව සඳහන් කළාය.

මේ සමාගමේ නම බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලෙස 2016 පෙබරවාරි මස 29 දින වෙනස් කර ඇති අතර 2019 ජනවාරි මස 04 වන දින ගිණුමේ බලයලත් නිලධාරි ලෙස සිටි

එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ඉන් ඉවත් වී හිරාස් හිස්බුල්ලා සහ හිෆාස් හිස්බුල්ලා යන දෙදෙනාට එම බලය පවරා ඇති බවද ඉදිරිපත් වූ සාක්ෂි අනාවරණය කළාය.

බැටික්ලෝ කැම්පස් නමින් විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමේ අරමුණින් ආරම්භ කර තිබු මෙම ගිණුමට අවස්ථා 07 කදි රුපියල් මිලියන 3640කට වැඩි මුදලක් විදෙස් ප්‍රේශන ලෙස ලැබී ඇති බව අදාළ ගිණුම ඇති කොල්ලුපිටිය ලංකා බැංකු ශාඛාවේ හිටපු කළමණාකාරිනිය කියා සිටි අතර අදාළ අවස්ථා 07 තුළදීම එම මුදල් බැර කිරීම සිදුකර ඇත්තේ සෞදි අරාබියේ අබ්දුල්ලා අල් ජෆාරි නමැත්තකු බව අනාවරණය කළාය.

එසේම මෙම ගිණුම තුළින් අවස්ථා රැසකදි චෙක් පත් මගින් රුපියල් මිලියනයකට වැඩි මුදල් ලබාගැනීම් විශාල ප්‍රමාණයක් සිදුකර ඇති බවද සාක්ෂිකාරිය කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියාය.

රුපියල් මිලියනයකට වැඩි මුදලක් විදෙස් රටකින් මෙරට බැංකු ගිණුමකට බැර වන්නේ නම් ඒ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව දැනුවත් කළ යුතු බවට වන රෙගුලාසියක් තිබියදීත් මෙම ගනු-දෙනු පිළිබඳ මහ බැංකුව දැනුවත් කිරීමට අදාළ බැංකුව (ලංකා බැංකුව) පියවර ගෙන නොමැති අතර එම බැංකු ගිණුම විවෘත කිරීම සඳහා ශ්‍රී ලංකා හීරා පදනම සමාජ සේවා සංවිධානයක් ලෙස ලියාපදිංචි කළ සහතිකයක් ඉදිරිපත් කර තිබේ ද යන්න රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරිය සාක්ෂිකාරියගෙන් විමසූ අවස්ථාවේ ඇය සඳහන් කළේ සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ අදාළ සංවිධානය ලියාපදිංචි කරන ලද සහතිකයක් ඉදිරිපත් කර ඇති බවය.

Exit mobile version