Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ කන්තලේ දී දෙදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ කන්තලේ දී දෙදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ කන්තලේ දී දෙදෙනෙකු අත්අඩංගුවට

ත්‍රිකුණාමලය – කන්තලේ පොලිස් අපරාධ කොට්ඨාශයට අයත් ප්‍රදේශයේ දී ව්‍යාජ ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 372 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව කන්තලේ ‌පොලීසිය පවසයි.

කොළඹ සිට ත්‍රිකුණාමලය දෙසට WP KY 6926 දරණ සුඛෝපභෝගී මෝටර් රථයක ගමන් කරමින් සිටියදී කන්තලේ වැව අසල දී කොළඹ සහ කුරුණගල ප්‍රදේශවලට අයත් අවුරුදු 48 සහ 49 යන වයසැති පුද්ගලයින් දෙදෙනෙකු ඇමරිකානු ඩොලර් 100 යේ ව්‍යාජ නෝට්ටු 372 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
කන්තලේ විශේෂ අපරාධ මැඩලීමේ පොලිසියට ලැබුනු තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන පරිදි ඇමරිකානු ඩොලර්වල වටිනාකම රුපියල් හැට අට ලක්ෂ පන්දහස කි.

සැකකරුවන් රඳවාගෙන ඇති අතර කන්තලේ මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

Exit mobile version