Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සියලු ජනවාර්ගික නියෝජිතයින් නැගෙනහිර පුරාවිද්‍යා සංරක්ෂණ කාර්ය සාධක බලකායට ඇතුළත් කළ යුතුය: හකීම්

රවුෆ් හකීම්

රවුෆ් හකීම්

නැගෙනහිර පුරාවිද්‍යා සංරක්ෂණය සඳහා පත්කර ඇති කාර්ය සාධක බලකායට සියලු ජන වර්ගයේම නියෝජනය ඇතුළත් කළ යුතු බවත් එක් ජන වර්ගයක පමණක් නියෝජනය ඇති කමිටුවකින් යුක්තිය අපේක්ෂා කළ නොහැකි බවත් මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් පැවසුවේය.

ඔහු තවදුරටත් මෙලෙස ප්‍රකාශ කළේය.
“ජනාධිපති ධුර කාලය අවුරුද්දක් අවසන් වී ඇත. ඔහුගේ පාලන කාලය තුළ ඔහුට එරෙහිව විවේචන එල්ල වුවද, ඔහුට වැඩි කාලයක් ලබා දිය යුතු යැයි මම සිතමි. 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔහුගේ බලතල වැඩි කර තිබේ.”

“විවිධ කාරණා සම්බන්ධයෙන් විශේෂඥ කණ්ඩායම් විසින් තමාට උපදෙස් දෙන බව ජනාධිපතිවරයා පවසා තිබුණා. ඵලදායි ලෙස කටයුතු කිරීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාවට ප්‍රමාණවත් අරමුදල් හා ආධාර ලබා දිය යුතුය. සිසුන් පාසලට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කරලා නැහැ.”

“කොළඹ සහ වාලච්චේන ඇතුළු බොහෝ ප්‍රදේශවල covid 19 හි බලපෑමට ලක්වූ ජනතාවට ආධාර ලබා දීම සම්බන්ධයෙන් ගැටළු තියෙනවා. අවශ්‍ය ප්‍රදේශවල අතිරේක පිරිස් සම්බන්ධ කර ගන්න අවශ්‍යයි . සමහර ග්‍රාම නිලධාරීන් තම රාජකාරිය නිසියාකාරව නොකරන බවට චෝදනා තියෙනවා.
ජනාධිපතිවරයා විවිධ ජනාධිපති කාර්ය සාධක බලකායන් ද පත් කරලා තියෙනවා. නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක ආරක්ෂාව සඳහා කාර්ය සාධක බලකායක් ද පිහිටුවා තියෙනවා. රට පුරා පුරාවිද්‍යාත්මක ස්ථාන තිබියදීත්, අවධානය යොමු වී ඇත්තේ නැගෙනහිර දෙසට යි. මෙය පරිස්සමින් හැසිරවිය යුතුයි. මහජනතාව සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්. මෙම පුරාවිද්‍යාත්මක කාරණයේ දී සුදුසු යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි.”

“මැතිවරණ කොමිෂන් සභාවට ද කාන්තාවක් පත් කළ යුතුයි. එසේම, චෝදනා වලට පිළිතුරු සපයන ආකාරයට රජය ක්‍රියා කළ යුතුයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු තනතුරු කිහිපයක් හෙබවූ වත්මන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාට මගේ සුබ පැතුම් ඒක්කරමි.”

-වීරකේසරි

Exit mobile version