Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුගේ බිරිඳගේ ආරක්ෂාව ශක්තිමත් කරන්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

සෑම පුරවැසියෙකුටම රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම් ඇත - ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

සෑම පුරවැසියෙකුටම රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම් ඇත - ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහ්රාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම(HRCSL) විසින් බන්ධනාගාර ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම(HRCSL) මෙම ඉල්ලීම කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන් පසු ඇයගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බවට චෝදනා කරමින් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය වෙත ලිපියකින් දන්වා ඇත.

කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් ෆාතිමා හාදියා වැලිකඩ බන්දනාගාරයේ සිට වැලිකන්ද රෝහලට මාරු කර යවා ඇති බව ප්‍රකාශ කිරීමත් සමග මානව හිමිකම් කොමිසම විසින් මෙම ඉල්ලීම කර ඇත.

සහ්රාන් ප්‍රමුඛ ජාතික තව්හිද් ජමාඅතයට මුදල් ලැබී ඇති ආකාරය හාදියා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ හෙළිකළ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

සිරගෙවල්වල රැඳවියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සෑම උත්සාහයක්ම ගනු ඇතැයි මානව හිමිකම් කොමිසම අපේක්ෂා කරන බවත්, හාදියාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ශක්තිමත් ආරක්ෂක රාමුවක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බලන ලෙසත් සඳහන් කර ඇත.

රැඳවියන්ගේ අයිතිවාසිකම් විමර්ශනය කිරිම, මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳව පැමිණිලි විමර්ශනය කිරීමට සහ රැඳවියන්ගේ සුභසාධනය පිළිබඳව විමර්ශනය කිරීමට මානව හිමිකම් කොමිසමට නීතිමය බලයක් ඇති බව මෙම ලිපියෙහි සඳහන් කර ඇත.

Exit mobile version