Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝවි‌ලේ පූජාවකටත් ගිය හිරේ ඉන්න පිල්ලෙයාන්

කෝවි‌ලේ පූජාවකටත් ගිය හිරේ ඉන්න පිල්ලෙයාන්

කෝවි‌ලේ පූජාවකටත් ගිය හිරේ ඉන්න පිල්ලෙයාන්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නැගෙනහිර පළාතේ පිහිටි කෝවිලක උත්සවයකට සහභාගී වී ඇත.

මීට අමතරව ඒ මහතා පසුගියදා පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමටද සහභාගී වී ඇති බව දැනගන්නට තිබේ.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාද මේ බව තහවුරු කොට ඇත.

කෙසේවෙතත් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ඒ මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට පමණක් සහභාගී වීමට අවසර ලබා දී තිබියදී මේ අයුරින් වෙනත් උත්සව අවස්ථාවලට සහභාගී වීම බරපතළ ප්‍රශ්නයක් බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

Exit mobile version