Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිස්බුල්ලාටගේ ‘හීරා පදනම’ නිසි පරිදි ලියාපදිංචි කර නෑ, ලියාපදිංචියේදී බලපෑම් කරලා

හිස්බුල්ලාටගේ 'හීරා පදනම' නමැති සමාජ සේවා ආයතනය නිසි පරිදි ලියාපදිංචි කර නෑ, ලියාපදිංචියේදී බලපෑම් කරලා

හිස්බුල්ලාටගේ 'හීරා පදනම' නමැති සමාජ සේවා ආයතනය නිසි පරිදි ලියාපදිංචි කර නෑ, ලියාපදිංචියේදී බලපෑම් කරලා

හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවට බලපෑම් කර ඇතැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී පෙරේදා(13) අනාවරණය විය.

හිස්බුල්ලා මහතා සභාපතිත්වය දරන හීරා පදනම යළි ලියාපදිංචියේදී නීත්‍යනුකූල ක්‍රමවේදයෙන් බැහැරවී ලියාපදිංචි කර ඇති බවද කොමිසම හමුවේ අනාවරණය විය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම දින 16කට පසු ඊයේ ආරම්භ වූ අතර, එය ඊයේ සිට යළි මාධ්‍යයට විවෘත විය.

කොවිඩ් -19 ව්‍යාප්තිය සහ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් පසුගිය ඔක්තෝබර් 26 වැනි දිනෙන් පසු එම කොමිසමේ කටයුතු තාවකාලිකව අත්හිටවනු ලැබීය.

සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත වූයේ එම පරිශ්‍රය විෂබීජ හරණය කිරීමෙන් පසු කොමිසම් සභා ශාලාවට පිටතින් මාධ්‍යවේදීන්ට රැඳී සිටීමට පහසුකම් සලසා නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේයි.

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ ශ්‍රී ලංකා හීරා පදනම සම්බන්ධයෙන් ඊයේ දිනයේ සාක්ෂි විමසීම් සිදු කෙරුණු අතර, විවිධ පාර්ශ්ව ලබාදුන් එම සාක්ෂි සඳහා සවන්දීමට හිස්බුල්ලා මහතා ද ඊයේ පළමුවරට ජනාධිපති කොමිසම වෙත පැමිණ සිටියේය.

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරි ධම්මික වාසල බණ්ඩාර මහතා පළමුව සාක්ෂි ලබා දුන් අතර, ඔහුගේ සාක්ෂිවලට අනුව නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාට අයත් හීරා පදනම නමැති සමාජ සේවා ආයතනය නිසි පරිදි ලියාපදිංචි කිරීමක් සිදු කර නොමැති බව අනාවරණය විය.

හීරා පදනම නමැති සංවිධානය ලියාපදිංචි කිරීමට අදාළ යම් කිසි ලේඛනයක් සමාජ සේවා දෙපාර්තමේන්තුව සතුව තිබේද යන්න රජයේ නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් වාසල බණ්ඩාර මහතා කියා සිටියේ ඊට අදාළ කිසිදු ලේඛනයක් එම දෙපාර්තමේන්තුව සතුව නොමැති බවය.

නමුත් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් එම පදනමේ නම සඳහන් කරමින් තබන ලද යම් කිසි සටහනක් අඩංගු ලේඛනයක් සමාජ සේවා දෙපාර්තමේන්තුව සතුව තිබෙන බව වාසල බණ්ඩාර මහතා පැවසුවේය.

Exit mobile version