Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනපති වෙනස් වුවත් අමෙරිකාවෙන් එන බලපෑම් එසේමයි: ජාතිවාදය, ත්‍රස්තවාදය ඔවුන්ගේ ප්‍රතිපත්තියයි – බිමල් රත්නායක

ජාතිවාදය, ආගම්වාදය, ත්‍රස්තවාදය භාවිත කරමින් පාලන කටයුතු ගෙනයෑම ඔවුන්ගේ ප්‍රතිපත්තියයි, ජනපති වෙනස් වුවත් අමෙරිකාවෙන් එන බලපෑම් එසේමයි - බිමල් රත්නායක

ජාතිවාදය, ආගම්වාදය, ත්‍රස්තවාදය භාවිත කරමින් පාලන කටයුතු ගෙනයෑම ඔවුන්ගේ ප්‍රතිපත්තියයි, ජනපති වෙනස් වුවත් අමෙරිකාවෙන් එන බලපෑම් එසේමයි - බිමල් රත්නායක

අමෙරිකානු ජනාධිපතිවරයා වෙනස් වුවද දිගින් දිගටම ලංකාවට බලපාන ලද අමෙරිකානු අධිරාජ්‍යවාදී යුද, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික ප්‍රතිපත්ති ඉදිරියටත් ක්‍රියාත්මක වන බව ස්ථිරව කිව හැකි යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා (09) අමෙරිකන් ජනාධිපතිවරණයෙන් ලංකාවට ඇතිවන බලපෑම පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේය.

තට්ටු මාරු දේශපාලනය තුළ ඇමෙරිකානු ජනතාව දිගින් දිගටම රැවටීමට ලක්වෙන අතර ජනතාවගේ අභිලාෂයන් පාවා දුන් ජනාධිපතිවරුන් හේතුවෙන් ප්‍රධාන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් පක්ෂය හා රිපබ්ලිකන් පක්ෂය මාරුවෙන් මාරුවට ජනාධිපතිවරුන් බිහිකරන බවත් අධිරාජ්‍යවාදයට එරෙහිව පොදු අරගලයක් ලංකාව වැනි රටවලට ඇති බැවින් එය ලංකාවට කිසිසේත්ම සුබවාදී නොවන බවත් මෙම තත්ත්වය නිවැරදිව ජනතාව අවබෝධකර ගත යුතු බවත් හෙතෙම අවධාරණය කර සිටියේය.

පහුගිය දශක කිහිපය තුළ යුද, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ප්‍රතිපත්ති සම්බන්ධව බැලූ විට පක්ෂ දෙක අතර විශාල වෙනසක් දැකගැනීමට නොතිබූ බවත් ආසියාව සම්බන්ධව ඔවුන්ගේ ප්‍රතිපත්තිවල වෙනසක් සිදුනොවූ බවත් පැවසූ ඒ මහතා ජාතිවාදය, ආගම්වාදය, ත්‍රස්තවාදය භාවිත කරමින් පාලන කටයුතු ගෙනයෑම ඔවුන්ගේ ප්‍රතිපත්තිය බවට පත්ව ඇතැයි පැවසීය.

ජනතාව විසින් පරාජයට පත් කළ සමහර ඒකාධිපති පාලකයන්ව ආරක්ෂා කිරීමත් අල්කයිඩා සංවිධානය, අයිසිස් සංවිධානය වැනි ත්‍රස්ත සංවිධාන ගොඩනැඟීම හා පෝෂණය කිරීම ඔවුන් විසින් සිදුකළ බවත් ජනාධිපතිවරයාගේ පුද්ගලික චර්යාවන් ලංකාව වැනි රටවල්වලට කිසිම ලෙසකින් අදාළ නොවන බවත් කීවේය.

අමෙරිකානු මහාපරිමාණ මාධ්‍ය ආයතන සහ ව්‍යාපාරික ආයතන මැදිහත්වී ජෝ බයිඩ්න් ජනාධිපතිවරයාව එම ධුරයට පත්කර ඇති අතර ට්‍රම්ප්ගේ රළු බොළඳ ක්‍රියා හේතුවෙන් කරගැනීමට නොහැකි වූ අධිරාජ්‍යවාදී අතපෙවීම් සියල්ලම ඊටත් ව⁣ඩා සාර්ථකව ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා යටතේ සිදුකිරීමට හැකියාව ඉන් ලබා ගැනීමට අපේක්ෂා කරනු ඇතැයිද ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් ශ්‍රී ලංකාවට සැලකිය යුතු වෙනසක් සිදු නොවන බවද බිමල් රත්නායක මහතා පැහැදිලි කළේය.

Exit mobile version