Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා හැදෙනවට බයේ දෙදෙනෙක් දිවි නසාගෙන

ලෝකයේ රටවල් අතරින් සියදිවි නසා ගන්නන් අතර ලංකාව ඉහළින්ම

ලෝකයේ රටවල් අතරින් සියදිවි නසා ගන්නන් අතර ලංකාව ඉහළින්ම

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වෙතැයි බියට පත් වූ පුද්ගලයන් දෙදෙනෙකු ගෙළ වැලලාගෙන මියගොස් ඇති බව වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ ඒකළ ප්‍රදේශයේ කාන්තාවක් සහ අගලවත්ත ප්‍රදේශයේ බස්රථ රියදුරෙකි.

සියදිවි නසාගෙන ඇති කාන්තාවගේ දියණියට සහ බෑණාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. බෑණා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ රියදුරෙකු ලෙස සේවය කරන බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනාගෙන් තමාටද වෛරසය වැළඳෙනු ඇතැයි බියට පත්ව ඇති අදාල කාන්තාව නිවස තුළ ගෙළ වැලලාගෙන මියගොස් ඇත. මෙසේ මියගොස් තිබෙන්නේ 72 හැවිරිදි කාන්තාවකි.

අගලවත්ත ප්‍රදේශයේ මියගොස් ඇති පුද්ගලයා කළුතර ලංගම ඩිපෝවේ බස්රථ රියදුරෙකු වන අතර ඔහු සිය බස් රථයෙන් නාගොඩ රෝහලේ කාර්යමණ්ඩලය ප්‍රවාහනය කර තිබෙනවා. අදාල බස් රථයේ ගමන් කළ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන ඇති අතර ඒ සම්බන්ධෆයෙන් මෙම පුද්ගලයා දැඩිලෙස බියට පත්ව සිටි බවයි ඔහුගේ බිරිඳ පොලීසියට පවසා තිබෙන්නේ.

ඊයේ අළුයම ඔහු සිය නිවස ඉදිරිපිට මාර්ගය අසල රබර් ගසක ගෙළ වැලලාගෙන සිටියදී හමුවී තිබෙනවා.

Exit mobile version