Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහ කන්නයට පොහොර නිසි කලට – බැසිල් රාජපක්ෂ

ගුරු විදුහල්පති වෘත්තීය සංගම්ව

ගුරු විදුහල්පති වෘත්තීය සංගම්ව

මහ කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර නියමිත කාලයට ගොවීන්ට බෙදා දීමට කටයුතු කරන්නැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ ස‍භාපති බැසිල් රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.

ගොවීන් වෙත නිසි කාලයේ දී ජලය සහ පොහොර සැපයීම මඟින් කෙටිකලක් තුළ නිෂ්පාදන ධාරිතාව වැඩිකරගත හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව සදහන් කළේ අරලියගහ මන්දිරයේ දී ඊයේ (09) පැවැති ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් පොහොර ආනයනය හා බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම වසරේ පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 708,910ක් වන අතර, මහ කන්නය සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් ලක්ෂ 214න් මේ වනවිට මෙට්‍රික් ටොන් 51,797ක් ගොවීන් අතර බෙදාදීමට කටයුතු කළ බවද ඉතිරි ප්‍රමාණය ක්‍රමානුකූලව බෙදාහැරීම සඳහා තොග ලැබෙමින් පවතින බවද ජාතික පොහොර ලේකම් කාර්යාලය මෙම සාකච්ඡාවේ දී අනාවරණය කළේය.

Exit mobile version