Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නීතීඥ හිජාස් සම්බන්ධ නඩු විභාගය ලබන වසරට කල් දමයි

දින 500කට පසුවත් යුක්තිය අහිමි නීතීඥ හිජාස් : නීතීඥවරයෙකුගේ ඉරණම මෙය නම්, සාමාන්‍ය ජනතාව ගැන කුමන කතාද?

දින 500කට පසුවත් යුක්තිය අහිමි නීතීඥ හිජාස් : නීතීඥවරයෙකුගේ ඉරණම මෙය නම්, සාමාන්‍ය ජනතාව ගැන කුමන කතාද?

මානව හිමිකම් පිළිබඳ නීතිඥයෙකු වන හිජාස් හිස්බුල්ලා මහතා මත ගොනුකර ඇති චෝදනා සම්බන්ධයෙන් වූ නඩු විභාගය 2021 පෙබරවාරි මස දක්වා කල් දමා තිබේ.

2019 පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ බවට චෝදනා මත හිජාස් හිස්බුල්ලාහ් අත් අඩංගුවට ගෙන රඳවා තබා ඇත.

මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනිණි. එහිදී කොරෝනා පැතිරීම හේතුවෙන් විනිසුරුවරයා නඩුව 2021 පෙබරවාරි 24 දිනට කල් තැබීය.

හිජාස් හිස්බුල්ලාහ් 2020 අප්‍රේල් 14 වන දින සිට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු මූලස්ථානයේ රඳවා ගනු ලැබීය. ඔහු බැලීමට පැමිණෙන ඔහුගේ නීතිඥ සහ පවුලේ අයට සීමාවන් පනවා ඇත.

නීතීඥ හිජාස් හිස්බුල්ලාහ් රඳවා තබා ගැනීම පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයද මෑතකදී ප්‍රශ්න කර තිබුණි. තවද එය නීතිවිරෝධී රඳවා තබා ගැනීමක් බව නීතිඥයින් 150 දෙනෙකු පමණ නීතිඥ සංගමයට පැමිණිලි කර ඇති බව ද සඳහන් කළ යුතුය.

– තමිළ්වින්

Exit mobile version