Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ් – 19 ආසාදිතයන් සඳහා වෙන්කල රෝහල් 23ම පිරෙයි

කොවිඩ් – 19 ආසාදිතයන් සඳහා වෙන්කල රෝහල් 23ම පිරෙයි

කොවිඩ් – 19 ආසාදිතයන් සඳහා වෙන්කල රෝහල් 23ම පිරෙයි

කොවිඩ් – 19 ආසාදිතයන් සඳහා වෙන්කරන ලද රෝහල් 23ම මේ වනවිට ආසාදිතයන්ගෙන් පිරී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.

කොවිඩ් – 19 සඳහා වෙන් කරන ලද රෝහල්වල ඇඳන් 90% කින් පමණ පිරී පවතින අතර රෝගීන්ට පහසුකම් ලබාදීමේ දුෂ්කරතා මතුවී ඇතැයිද එම වාර්තාවලින් පැවසේ.

මේ අතර (27) පස්වරුව වනවිට කොවිඩ් – 19 රෝගීහු 4353න් දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියහ.

ඉකුත් 13 වැනි දින සිට දිනපතාම කොරෝනා රෝගීන් 100 ඉක්මවා හමුවීමද විශේෂත්වයකි.

ඒ අනුව මේ මාසයේ 13 වැනි දින 194ක්, 14 වැනි දින 132ක්, 15 වැනි දින 74ක්, 16 වැනි දින 116ක්, 17 වැනි දින 121ක්, 24 වැනි දින 368ක්, 25 වැනි දින 351ක් ආදී වශයෙන් කොවිඩ් – 19 ආසාදිතයින් වාර්තා වූ බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Exit mobile version