Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තුනෙන් දෙකේ තනි සිංහල ආණ්ඩුව 20 සම්මත කරගත්තේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන්

තුනෙන් දෙකේ තනි සිංහල ආණ්ඩුව 20 සම්මත කරගත්තේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන්

තුනෙන් දෙකේ තනි සිංහල ආණ්ඩුව 20 සම්මත කරගත්තේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන්

මුස්ලිම් ජාතිවාදයත් වැපිරවූ රිෂාඩ් සහ හකීම් ඇතුලු කණ්ඩායමත් සිංහල ජාතිවාදයත් ඇවිලවූ රාජපක්ෂ කඳවුරත් එකට එකතුවී 20 සම්මත කරගත් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කළ 20 වන සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පෙරේදා(22) දින පැවති ඡන්ද විමසීමේදී සියලුම අවස්ථාවාදීන්, බොරු දේශප්‍රේමීන් පිළිබඳව රටටම හෙළිදරව් වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඔහු අදහස් පළකළේය. විජිත හේරත් මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්.

“අපේ රටේ පාර්ලිමේන්තුව සහ ඇමති මණ්ඩලය රූකඩ බවට පත් කිරීම 20 මගින් සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසා සිටියේය. ඔහු මෙම අදහස් පල කලේ අද උදෑසන බත්තරමුල්ල පැලවත්ත ජවිපෙ ප්‍රධාන පක්ෂ කාර්යාලයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඉදිරියේදී රජයේ සියලුම උසස් සහ වැදගත් තනතුරු තනි පුද්ගලයෙකුගේ කැමැත්තමත පත් කරනු ලබන බවයි. එසේම ද්විත්ව පුරවැසියන්ට නැවතත් පාර්ලිමේන්තුවේ දොරටු විවෘත වීම මගින් අධිරාජ්‍යවාදී රටවල පාලකයින්ට කිසිදු බාදාවකින් තොරව අපේ රටේ පාලන කටයුතුවලට ඇගිලි ගැසීමට හැකිවනු ඇත. පසුගිය කාලයේදී ද්විත්ව පුරවැසියන් ගැන තිබූ වගන්තියට බරපතල ලෙස විරෝධය දැක්වූ ආණ්ඩුවේම ප්‍රබල ඇමතිවරුන් කිසිදු ලැංජ්ජාවකින් තොරව 20ට පක්ෂව ඡන්දය ලබා දුන්නේ දේශපේ්‍රමී සළුපිලි උනා දමමිනි. එසේ දැන් මේ ආණ්ඩුව පවසන්නේ රිෂාඩ් සහ හකිම් ඇතුලු කණ්ඩායම තවදුරටත් අන්තවාදීන් නොවන බවයි.”

Exit mobile version